ශ්‍රී ලංකාවේ ප්‍රථම මහින්දෝදය ආදර්ශ ප්‍රාථමික ජාතික පාසලේ ඉදිකිරීම් හෝමාගම කිරිගම්පමුණුවේදී ආරම්භ කිරීම අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) සිදු කෙරිණි.
මේ සඳහා රුපියල් මිලියන 20ක් වැය කෙරේ. මෙම ප්‍රාථමික විදුහලේ අධ්‍යාපනික ගුණාත්මකභාවය තහවුරු කිරීම, ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය කොළඹ රාජකීය විද්‍යාලයේ අධීක්ෂණය යටතේ සිදු කෙරෙන බවත් මෙම පාසලට ඇතුළත් කරන දරුවන්ට කොළඹ රාජකීය විද්‍යාලයේ දරුවන්ට ලැබෙන ප්‍රාථමික අධ්‍යාපන පහසුකම් ලැබෙන අතර 2016 දී එය සිසු අයිතියට පත් කරන බවත් අමාත්‍යතුමා මෙහිදී පෙන්වා දුන්නේය.
අමාත්‍යතුමා ප්‍රකාශ කළේ සෑම ජනප්‍රිය පාසලක් සඳහා ම ආදර්ශ ප්‍රාථමික පාසල් පද්ධතියක් හදන බවයි.
හම්බන්තොටට පමණක් දෙවැනි වූ සංවර්ධනයක් ජනාධිපතිතුමා හෝමාගමට සිදු කර තිබෙන බව පෙන්වා දුන් අමාත්‍යතුමා හෝමාගමට හරිත උද්‍යානයක්, නව පොළක් ඉදිකිරීමට ද කටයුතු සැලසුම් කර තිබෙන බව සඳහන් කළේය. කිසිදු වර්ෂයක ලබා නොදුන් ප්‍රමාණයේ රුපියල් ලක්ෂ 6,000ක් වැනි මුදලක් හෝමාගමට ලබාදී තිබෙන බවත් ශ්‍රී ලංකාවේ ප්‍රථම හා එකම කළමනාකරණ හා ව්‍යවසායකත්ව විද්‍යාපීඨය, දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය, ශ්‍රී ලංකාවේ එකම ජාතික කළමනාකරණ විශ්වවිද්‍යාලය, මොරටුව විශ්වවිද්‍යලයේ තාක්ෂණ පීඨය, කිරුම් මිනුම් ජාත්‍යන්තර පර්යේෂණ මධ්‍යස්ථානය, දකුණු ආසියාවේ විශාලතම නැනෝ තාක්ෂණික උද්‍යානය, දකුණු ආසියාවේ විශාලතම බේස්බෝල් ක්‍රීඩාංගණය, බන්ධනාගාර පාසල, අධිකරණ සංකීර්ණය, ආසියාවේ ගුරු පුහුණු මධ්‍යස්ථානය යනාදී දැවැන්ත ව්‍යාපෘති රැසක් හෝමාගම ක්‍රියාත්මක කර තිබෙන බවත් අමාත්‍යතුමා පෙන්වා දුන්නේය.
මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු, කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති උපාලි ගුණසේකර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
NDH/kpm