නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බන්ධනාගාර නේවාසිකයන් සඳහා අක්ෂි සායනයක්

    දෙසැම්බර් 04, 2014

    බන්ධනාගාරගතව සිටින නේවාසිකයන් අතර සිටින අක්ෂි දෝෂ සහිත නේවාසිකයන් වෙනුවෙන් අක්ෂි සායනයක් පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේදී පැවැත්විණි.


    පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයාගේ සංකල්පයකට අනුව ඔහු ගෙන යන පුනරුත්ථාපන ක්‍රියාවලියේ දී නේවාසිකයන්ගේ මානසික සංකල්පයන් හි වෙනසක් ඇති කිරීම සඳහා මෙය සංවිධානය කර තිබේ.

    නේවාසිකයින් 1000ක් දෙනා සඳහා ඇස් නොමිලේ පරීක්ෂාකර නොමිලේ ඇස් කණ්නාඩි ලබා දීම මෙහිදී සිදු කෙරිණි. මේ සඳහා සමාජ‍සේවා අමාත්‍යාංශය ද දායකත්වය ලබා දුනි.

    මෙහි දී රුපියල් ලක්ෂ 5ක් පමණ වටිනා ක්‍රීඩා භාණ්ඩ ද නේවාසිකයන් හා නිලධාරීන් සඳහා බෙදා දුන් අතර බැට්මින්ටන්, චෙස්, කැරම්, වොලිබෝල් හා නෙට්බෝල් වැනි ක්‍රීඩා සඳහා මෙම ක්‍රීඩා උපකරණ ලබා දී ඇත.

    මීට අමතරව බන්ධනාගාර නේවාසික රැඳවියෙකු විසින් නිර්මාණය කරන ලද "ස්වර්ණමාලී කාව්‍ය සංග්‍රහය" නම් ග්‍රන්ථය ද එළිදැක්වීම සිදු කෙරිණි. මෙම කාව්‍ය සංග්‍රහයෙ හි බෞද්ධ ඉතිහාසයේ ලියැ වී ඇති දීර්ඝතම කාව්‍ය සංග්‍රහය වන අතර ‍ඓතිහාසික සිද්ධීන් සම්බන්ධයෙන් ලියැවී ඇති කාව්‍ය සංග්‍රහය මෙන් ම බන්ධනාගාරයක් තුළ එළිදක්වන ප්‍රථම කාව්‍ය සංග්‍රය ද මෙය විය. ‍මෙම කාව්‍ය සංග්‍රහය වැලිකඩ බන්ධනාගාරයේ කේ.කේ. දිනේෂ තිළිණ ධනුෂ්ක ආරියරත්න මහතා විසින් රචනා කරන ලදී.

    මෙම අවස්ථාවට පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් ජී.එස්. විතානගේ, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම යන මහත්වරු ඇතුළු බන්ධනාගාර නිලධාරීහු සහභාගී වූහ.

    NDH

    DSC 9682

     

    DSC 9721

     

    DSC 9726

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya