ජාත්‍යන්තර ආබාධිත දිනයට සමගාමීව පැවති විශේෂ අවශ්‍යතා ඇති දරුවන් හා තැලසීමියා සේවාලාභී දරුවන් සඳහා වයඹ පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ නිල ඇඳුම් හා පාසල් උපකරණ බෙදාදීමේ උත්සවයක් ඊයේ (03) වයඹ පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
එහිදී වයඹ ප්‍රධාන ප්‍රධාන අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා විසින් වයඹ පළාතේ නිපුණතා සංවර්ධන මධ්‍යස්ථාන 19ක දරුවන් 405 දෙනෙක් සඳහා සිය පෞද්ගලික මුදලින් පාසල් උපකරණ හා නිල ඇඳුම් ලබා දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලදී.
සමාජයෙන් කොන් නොකර විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ටත් අනාගතයක් අපේ රට තුළ ගොඩ නගන්න ඕනෑ යැයි එහි දී වයඹ ප්‍රධාන ප්‍රධාන අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය.
එම අවස්ථාවේ දී සභාව අමතමින් වැඩිදුරටත් සිය අදහස් ප්‍රකාශ කළ අමාත්‍යවරයා,
“අපේ ජනාධිපතිතුමා 2015 අයවැය ප්‍රකාශයෙන් විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් රුපියල් 750ක මුදලක් ගමන් වියදම් වෙනුවෙන් වෙන් කරලා තියනවා. නමුත් අපි වයඹ පළාත් සභාවේ මීට අවුරුදු 10කට කලින් මේ දේ ආරම්භ කරලා තියනවා. අපේ ජනාධිපතිතුමාත් වයඹ පළාත දිහා බලලා දරුවන් වෙනුවෙන් මුළු ලංකාවට ම ක්‍රියාත්මක වෙන විදියට ඒ තීරණේ අරන් තියනවා. ඉදිරියේ දී අපේ සමාජ සුබ සාධන අමාත්‍යංශය මඟින් තවත් රුපියල් 750ක මුදලක් මේ දරුවන්ට ලබාදෙන්න කටයුතු කරාවි.
අපේ වයඹ පළාත ඉතාමත් ම සංවිධිත වගේ ම සංවිධානාත්මක භාවයක් ඇතුව හැමදේටම ආරම්භයක් ලබා දුන්නු ප්‍රදේශයක්. සමාජ සේවා හා සුබ සාධන කටයුතු අපේ පළාතේ සමාජ සේවා අමාත්‍යංශය යටතේ ඉතාමත් හොඳින් ඉටු වෙනවා. ඒ නිසා අපේ වයඹ පළාත් සභාව ලංකාවේ අනිකුත් පළාත් සභාවලට වඩා ඉදිරියෙන් සිටිනවා.
වයඹ පළාතේ මේ වගේ විශේෂ ආබාධිත දරුවෝ 800කට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්නවා. මේක බොහොම සංවේගජනක තත්ත්වයක්. මේ අයව අත අරින්න බැහැ අපිට. එයාලත් අනික් දරුවෝ වගේම දරුවෝ. ඒ දරුවන්ටත් අනික් දරුවන්ට වගේම සමාන අයිතිවාසිකම් හිමිවෙන්න ඕනෑ. සමාජයෙන් කොන් නොවී ඒ දරුවන්ටත් අනාගතයක් අපේ රට තුළ ගොඩ නැගෙන්න ඕනෑ.
මේ වෙනකොට අපේ ජනාධිපතිතුමාගේ සංකල්පයක් විදියට පළමු අදියරේදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ආබාධතා ඇති දරුවන් 50 දෙනෙක්ගේ පවුල් තෝරාගෙන රුපියල් 3000 බැගින් ලබා දීලා ඔවුන්ව ගොඩනඟන්න අවශ්‍ය කටයුතු සිදු කරගෙන යනවා.
ඉතිහාසයේ කිසිම ජනාධිපතිවරයෙක් කරලා නැති විදියට අපේ ජනාධිපතිතුමා දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති වගේම ග්‍රාමීය මට්ටමේ ජනතාවගේ නඟා සිටුවීම් වෙනුවෙනුත් එක හා සමාන වැඩ කොටසක් ඉටු කරනු ලබනවා. අපි හැමෝම එකතුවෙලා මේ දරුවන්ගේ අනාගතය ගොඩනගන්න අවශ්‍ය කටයුතු කරමු.“ යැයි පැවසීය.
වයඹ පළාතේ ආණ්ඩුකාර නීතිඥ තිස්ස ආර්. බලල්ල, සමාජ සේවා හා සුබසාධන කටයුතු පිළිබඳ පළාත් අමාත්‍ය සන්ධ්‍ය කුමාර රාජපක්ෂ, පළාත් සභා මන්ත්‍රී ඒ.පී.කීර්තිරත්න,වයඹ ප්‍රධාන ලේකම් ජයන්ත විජේරත්න, පළාත් සමාජ සේවා අධ්‍යක්ෂ නීතිඥ කමල් අමරසිංහ මහත්වරු ඇතුළු අමාත්‍යංශ ලේකම්වරු, කුරුණෑගල ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් සහ හෙද හෙදියන්, සමාජ සේවා දෙපාර්තමේන්තුවේ සමාජ සේවා නිලධාරීන්, ගුරුවරුන් ඇතුළු ආබාධිත දරුවන්ගේ දෙමව්පියන් සහ දරු දැරියන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.