අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014 ජ්‍යේෂ්ඨ පුරවැසි දැනුම මිනුම තරග නුවරඑළියේ දී

    සැප්තැම්බර් 19, 2014

    2014 ජ්‍යේෂ්ඨ පුරවැසි දැනුම මිනුම තරගාවලියේ මූලික වටයේ තරග ඊයේ (18) නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. 


    සමාජසේවා දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් ජාත්‍යන්තර වැඩිහිටි දිනට සමගාමීව ජාතික වශයෙන් සංවිධානය කරනු ලබන මෙම දැනුම මිනුම තරගාවලියේ අවසන් මහා තරගය ලබන 23 වන දින සමාජසේවා දෙපාර්තමේන්තුවේදී පැවැත්වේ.
     
    නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 05ට අනුබද්ධිත ප්‍රාදේශීය වැඩිහිටි බලමණ්ඩලයන් හි සාමාජික සාමාජිකාවන් 40කට ආසන්න පිරිසක් මේ සඳහා සහභාගී වී සිටියහ. ඒ අනුව පළමු හා දෙවන ප්‍රශ්න වටයෙන් පසුව ජාතික තරගාවලිය සඳහා නුවරඑළිය ප්‍රාදේශීය වැඩිහිටි බලමණ්ඩලය සුදුසුකම් ලබා ගත්තේය.

    දේශපාලනික, ආගමික හා සාහිත්‍ය යන ක්ෂේත්‍රයන් ආවරණය වන පරිදි මෙම ප්‍රශ්නාවලිය සකසා තිබුණු අතර ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ දැනුම, ආකල්ප සහ රසවින්දනය වඩාත් ඉහළ නැංවීමත් ඔවුන්ව ඇගයීමට ලක් කිරීමත් මෙහි මූලික ම අරමුණ වේ.


    NDH/SH-dmu nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya