මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මනුෂ්‍ය හෘද කපාට බැංකුවක් ස්ථාපිත කෙරේ

    සැප්තැම්බර් 18, 2014

    ශ්‍රී ලංකාවේ මනුෂ්‍ය හෘද කපාට බැංකුවක් රිජ්වේ ආර්යා ළමා රෝහලේ ස්ථාපිත කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

     

    මේ සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 30කි. ශ්‍රී ලංකාව තුළ මේ වන විට වසරකට දරුවන් 2500 - 3000ක් පමණ සහජ හෘද දෝෂ සහිත ව උපත ලබන බවට ඇස්තමේන්තු කර ඇත. මොවුන් අතරින් 2000කට පමණ ශල්‍යකර්ම කළ යුතුව ඇත. මෙවැනි එක් කපාටයක් සඳහා රුපියල් 300,000ක පමණ මුදලක් වැය වන අතර එම මුදල රජය විසින් දරනු ලැබේ.


    මේ සඳහා සතුන්ගේ පටක යොදා ගැනීමට සිදු වී ඇත්තේ මනුෂ්‍ය හෘද කපාට ලබා ගැනීම, පිළියෙල කිරීම සහ ගබඩා කර තබා ගැනීම සඳහා විශේෂිත වූ පටක බැංකුවක් ශ්‍රී ලංකාව තුළ නොමැති වීමයි. අප රටෙහි හෘද රෝග සහිත දරුවන් ප්‍රතිකාර සඳහා යොමු කළ හැකි එකම තෘතීයක සෞඛ්‍ය සේවා ආයතනය වන්නේ රිජ්වේ ආර්යා ළමා රෝහලයි. මනුෂ්‍ය හෘද කපාට බැංකුවක් ස්ථාපිත කිරීම සඳහා සුදුසු රෝහල වන්නේ එම රෝහලයි. ඒ අනුව රිජ්වේ ආර්යා ළමා රෝහලේ මනුෂ්‍ය හෘද කපාට බැංකුවක් ස්ථාපනය කිරීමට සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී ඇත.


    අද ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මේ බව අනාවරණය කෙරිණ.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya