මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රියන්ත පීරිස් මහතාගේ මෙහෙවර අගයයි

    සැප්තැම්බර් 18, 2014

    සුසුම්නා අනතුරු වළක්වා ගැනීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ හා සුසුම්නා අනතුරුවලට ලක් වූ රෝගීන් වෙනුවෙන් කළ මෙහෙවර අගයා ප්‍රියන්ත පීරිස් මහතාට සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා සමරු ඵලකයක් ප්‍රදානය කර තිබේ.


    1995 වසරේදී රුසියාවේ ලුමුම්බා විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා එම විශ්වවිද්‍යාලයේදී අධ්‍යයන කටයුතුවල නිරත වී සිටි අවස්ථාවේ හදිසියේ ඇති වූ ගින්නක් නිසා අඩි 50ක උසකින් බිමට පනින්නට ප්‍රියන්ත පීරිස් මහතාට සිදු විය. එහිදී සුසුම්නාවේ ආබාධයකට ලක් වූ ඒ මහතා වැඩිදුර ප්‍රතිකාර සඳහා රාගම පුනරුත්ථාපන රෝහලය යොමු කෙරිණි. එහිදී ඔහු විසින් සුසුම්නා අනතුරු සංගමය පිහිටුවා ගන්නා ලදී.

    වර්තමානයේදී ආබාධ පුද්ගල ශ්‍රී ලංකා පදනමේ ලේකම් ධූරය ද දරන්නේ ඔහු විසිනි. පැරා ඔලිම්පික් කමිටුවේ භාණ්ඩාගාරික තනතුර ද ඒ මහතා විසින් දරනු ලබයි. ඔහු විසින් සුසුම්නා අනතුර වළක්වා ගැනීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ හා සුසුම්නා අනතුරුවලට ලක් වූ රෝගීන් වෙනුවෙන් කළ මෙහෙවර අගයා සමරු ඵලකයක් ප්‍රදානය කිරීම සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් කෙරිණි.

    මේ අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත ෆිර්දෝසි රූස්ටම් මෙහෙතා, සුසුම්නා අනතුරු පිළිබඳ ව ශ්‍රී ලංකා ජාලයේ සභාපති විකලාංග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නරේන්ද්‍ර පින්ටෝ හා එහි ලේකම් විශේෂඥ වෛද්‍ය දුමින්ද මුනිදාස යන මහත්වරු එක් ව සිටියහ.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya