නොවැම්බර් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුරෝපියානු රටවලින් පසුගිය වසරේ දී 20%ක විදේශීය ඍජු ආයෝජන

    අගෝස්තු 29, 2014
    යුරෝපියානු සංගමයේ රටවල ආයෝජකයන් විසින් පසුගිය වසර තුළ සියයට 20ක විදේශීය ඍජු ආයෝජනයන් ශ්‍රී ලංකාව තුළ සිදු කර ඇතැයි ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ප්‍රකාශ කළේය.
     
    යුරෝපියානු සංගමයේ ආයෝජකයන් තොරතුරු තාක්ෂණය, විදුලි සංදේශ සහ උසස් තාක්ෂණ ක්ෂේත්‍ර‍යේ මෙම ආයෝජනයන් සිදු කර තිබෙන බව පැවැසූ අමාත්‍යවරයා මෙම ආයෝජනයන් අපේ රටට තාක්ෂණික පරිවර්තනයක් ගෙන එනු ඇති බවද පැවසීය.
     
    ශ්‍රී ලංකාවේ ආයෝජන වාතාවරණය පිළිබඳ දැක්ම යන තේමාව යටතේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල ශ්‍රවණාගාරයේදී ඊයේ (27) පැවැති  ශ්‍රී ලංකාවේ යුරෝපියානු සංගමයේ ආයෝජකයන්ගේ සම්මන්ත්‍රණය සමාරම්භ කරමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේය.
     
    ශ්‍රී ලංකාවේ ආයෝජනයන් කරන යුරෝපියානු සංගමයේ රටවල ආයෝජකයන් මුහුණ දෙන ආයෝජන ගැටලු නිරාකරණය කිරීම සඳහා යුරෝපියානු සංගමය, ශ්‍රී ලංකාවේ යුරෝපියානු වාණිජ මණ්ඩලය හා ආයෝජන මණ්ඩලය එක් ව සංසදයක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය කාරණයක්. ඒ අනුවයි මේ සමුළුව ආරම්භ කරන්න තීරණයක් ගත්තේ. යුරෝපියානු සංගමයේ ආයෝජකයන්ගේ දුක් ගැනවිලි ප්‍රකාශ කරන්නට, ශ්‍රී ලංකාව තුළ ආයෝජනයන් කිරීම සම්බන්ධ ඔවුන්ගේ සැලකිල්ල හා යෝජනා ඉදිරිපත් කිරීමට මෙම සම්මන්ත්‍රණය වේදිකාවක් කරගත යුතුයි. ඒ සඳහා මෙම සම්මන්ත්‍රණය සෑම මසක ම තෙවැනි සතියේ පැවැත්වීමට අදහස් කරනවා.
     
    ශ්‍රී ලංකාවේ ආයෝජනයන් කරන යුරෝපියානු සංගමයේ රටවල ආයෝජකයන් සමග මෙවැනි සම්මන්ත්‍රණයක් ආරම්භ කරන්නේ මෙරට ආයෝජනයන් කිරීමට උනන්දුවක් දක්වන යුරෝපියානු සංගමයේ ආයෝජකයන් මෙන් ම තානාපති මණ්ඩල කළ විශේෂ ඉල්ලීම අනුව බවද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
     
    විදුලිබල හා බලශක්ති, මුදල් හා ක්‍රම සම්පාදන, පාරිසරික හා පුනර්ජනනීය බලශක්ති, ඛනිජ තෙල් කර්මාන්ත, ඉඩම් හා ඉඩම් සංවර්ධන, වරාය හා මහාමාර්ග යනාදි වූ අමාත්‍යංශවල මෙන්ම රේගු අධ්‍යක්ෂ ජනරාල්, දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම සම්මන්ත්‍රණය මාසිකව පැවැත්වේ.
     
    මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ සහ මාල දිවයින් යුරෝපියානු සංගම් දූත මණ්ඩල තානාපති ඩේවිඩ් ඩැලි (David Daly), ශ්‍රී ලංකාවේ යුරෝපියානු වාණිජ මණ්ඩලයේ සභාපති දිලිපන් ත්‍යාගරාජා, නෙදර්ලන්තයේ තානාපති එල්.ඩබ්.එම්. පීට් (LWM Piet) මහත්වරු සමඟ ආයෝජකයෝ රැසක් සහභාගි වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya