මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ නගරාශ්‍රිත ඝන අපද්‍රව්‍ය පුත්තලම අරුවක්කාලු ප්‍රදේශයට

    අගෝස්තු 19, 2014

    දැනට දිනකට කොළඹ නගරයේ පමණක් ඝන අපද්‍රව්‍ය මෙට්රික් ටොන් 700ක් පමණ එකතු වන අතර, අනෙකුත් කොළඹ ආශ්‍රිත පළාත් පාලන බල ප්‍රදේශ තුළ ජනනය වන නාගරික ඝන අපද්‍රව්‍ය ප්‍රමාණය මෙට්රික් ටොන් 1200ක් පමණ වේ.

    මේ ආකාරයෙන් දිනපතා එකතු වන ඝන අපද්‍රව්‍ය පාරිසරික වශයෙන් හිතකාමි ලෙස බැහැර කිරීමේ ක්‍රමවේදයක් නොමැති කමින් විවෘත ලෙස බැහැරලීම සිදුකරනු ලබයි. මේ තත්ත්වයට පිළියමක් ලෙස පුත්තලම දිස්ත්‍රික්කයේ අරුවක්කාලු ප්‍රදේශයේ කසල රඳවනයක් ඉදිකර ඒ හරහා අපද්‍රව්‍ය බැහැරලීමේ ව්‍යාපෘතියක් යෝජනා වී ඇත.


    වර්තමානයේ කොළඹ නගරාශ්‍රිතව එකතුවන නාගරික ඝන අපද්‍රව්‍ය විවෘතව බැහැරලීමේ ස්ථාන ඒවායේ උපරිම ධාරිතාවන්ට ළඟාවෙමින් පවතින අතර, එබැවින් නුදුරු අනාගතයේදී මෙම ගැටලුව තවදුරටත් උත්සන්න විය හැකිය. කොළඹ අගනගර ආශ්‍රිත කලාපයේ ජනනය වන ඝන අපද්‍රව්‍ය බැහැර කරලීම සඳහා පරිසර හිතකාමී වූත් ආර්ථිකමය වශයෙන් ශක්‍යවූත් සාර්ථක විසඳුමක් ක්‍රියාවේ යෙදවීම සඳහා වසර ගණනාවක සිට රජය උත්සාහ දරනු ලැබීය. මෙම ප්‍රයත්නය තුළ කොළඹ අගනගර ආශ්‍රිත කලාපය සඳහා යෝජිත සනීපාරක්ෂක කසළ රඳවනයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය මෙතෙක් ක්‍රියාත්මක නොවීමට විවිධ සමාජීය හා දේශපාලනමය හේතු බලපාන ලදී. පෞද්ගලික අංශයේ ආයතන මෙම ගැටලුවට විසඳුම් ලෙස විවිධ යෝජනාවලි ඉදිරිපත් කර ඇතත් ඒවායින් වඩා ප්‍රායෝගික හා ආර්ථිකමය වශයෙන් ශක්‍ය වු විසඳුමක්  ලබා දීමට නොහැකි වු බව මේ වන විට තහවුරු වී ඇත.
     

    කොළඹ අගනගරය ආශ්‍රිත කලාපයේ ජනනය වන නාගරික ඝන අපද්‍රව්‍ය සනීපාරක්ෂක කසල රඳවනයක් ඉදිකර ඒ තුළ පරිසර හිතකාමී ලෙස බැහැරලීම ආර්ථික වශයෙන්ද ඉතාමත් ශක්‍ය වු ක්‍රමවේදයයි. දිනකට එකතු වන නාගරික අපද්‍රව්‍ය මෙට්රික් ටොන් 1200ට සහ අනෙකුත් වැඩිවන ප්‍රමාණය සලකා බැලීමෙන් ඉදිරි අවුරුදු 20ක කාලසීමාව සඳහා අවශ්‍ය කසල බැහැරලීමේ පහසුකම වෙනුවෙන් සනීපාරක්ෂක කසල රඳවනයක් ඉදිකිරීමට අක්කර 150ක පමණ වු වපසරියකින් යුත් ඉඩමක් අවශ්‍ය වේ. කොළඹ ආශ්‍රිත ප්‍රදේශයන්හි ඉඩම්වල ආර්ථිකමය වටිනාකම ඉතා ඉහළ මට්ටමක පවතින බැවින් කසල රඳවනයක් ඉදිකිරීමට අවශ්‍ය ඉඩමක් කොළඹින් වෙන් කරවා ගැනීම ඉතා අපහසු කාර්යයකි.

     එබැවින් පුත්තලම දිස්ත්‍රික්කයේ අරුවක්කාලු ප්‍රදේශයේ අත්හැර දමන ලද හුණුගල් වලවල් ආශ්‍රිතව සනීපාරක්ෂක කසල රඳවනයක් ඉදිකර, කොළඹ මීතොටමුල්ල ප්‍රදේශයේ සංක්‍රමණ මධ්‍යස්ථානයක් ඉදිකර, ඒ හරහා කොළඹ අගනගර ආශ්‍රිත ඝන අපද්‍රව්‍ය දුම්රිය මගින් යෝජිත සනීපාරක්ෂිත කසල රඳවනය වෙත ප්‍රවාහනය කර පරිසර හිතකාමී ලෙස එහි බැහැරලීම සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනයක් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශය මගින් සිදුකරයි.
     මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන්  ජනාධිපතිතුමා ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
     ECB/ SW_cmu        

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya