මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශ්වවිද්‍යාල විද්‍යායතන සියල්ලේ වැඩ කටයුතු 2016ට පෙර අවසන්

    අගෝස්තු 19, 2014
    අ.පො.ස උසස් පෙළ තාක්ෂණ විෂය ධාරාව හදාරණ සිසුන්ට උසස් අධ්‍යාපන කටයතු සිදු කරලීම සඳහා ඉදිකරන විශ්වවිද්‍යාල විද්‍යායතන සියල්ලේ වැඩ කටයුතු 2016ට පෙර අවසන් කිරීමට රජය සැලසුම් කර ඇති බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා පවසයි.


    මෙරට ඉදිකරන විශ්වවිද්‍යාල විද්‍යායතන 25න් 10ක ඉදිකිරීම් කටයුතු මේ වන විටත් සිදුකරමින් පවතී. මේ විශ්වවිද්‍යාල විද්‍යායතන සහ සමස්ත වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය සංවර්ධනය කරලීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව රුපියල් කෝටි 2600ක මුදලක් ශ්‍රී ලංකාවට ලබා දී ඇතැයි ද ඔහු කීය. 

    රත්මලාන, කටුබැද්ද, කුලියාපිටිය, අනුරාධපුර, යාපනය, අම්පාර, මාතර, කෑගල්ල, ජයවර්ධනපුර සහ බත්තරමුල්ල යන නගරවල විශ්වවිද්‍යාල විද්‍යායතන ඉදිකරමින් පවතී. එක් විද්‍යායතනයක් සඳහා සිසුන් 300 බැගින් සිසුන් 7500ක් සඳහා උසස් අධ්‍යාපනය සඳහා අවස්ථාව ලබා දීමට මින් හැකියාව ලැබේ. උසස් පෙළ තාක්ෂණ විෂය ධාරාව හදාරා ඉන් සමත් වන සිසුන් NVQ-5 සඳහා විශ්වවිද්‍යාල විද්‍යායතනවලට ඇතුළත් කර ගන්නා අතර NVQ-7 බී ටෙක් උපාධිය දක්වා ඉගෙනීමට ද සිසුන්ට හැකියාව ලැබෙන බව ද අමාත්‍යවරයා පැවසීය.

    උසස් පෙළ තාක්ෂණ විෂය ධාරාවෙන් ඉහළම ඉසෙඩ් අගය ලබා ගන්නා සිසුන් මෙරට පවතින විශ්වවිද්‍යාල 17ක උපාධිය ලබා ගැනීමට හැකියාව ලැබේ. තාක්ෂණ විෂය ධාරාවෙන් මේ වන විට පාසල් 250ක ඉගැන්වීම් සිදු කරන අතර වසර 2015දී සිසුන් 13,000ක් පළමු වර තාක්ෂණ විෂය ධාරාවට පෙනී සිටීමට නියමිත බව ද ඔහු සඳහන් කළේය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya