මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රට පුරා සියලුම රූපලාවන්‍ය ආයතන හදිසි පරීක්ෂාවකට

    අගෝස්තු 19, 2014

    රට පුරා පිහිටි සියලුම රූපලාවන්‍ය ආයතන හදිසි පරීක්ෂාවකට ලක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බවත් ඊට අදාළ චක්‍රලේඛයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා විසින් ඊයේ (18) සියලුම පළාත් හා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් වෙත ලබා දෙන ලද බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.


    එම චක්‍රලේඛය අනුව රූපලාවන්‍ය ආයතනවල භාවිත කරන විලවුන් ද්‍රව්‍ය හා උපකරණවල ප්‍රමිතිය පිළිබඳ වාර්තාවක් කඩිනමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලබා දිය යුතුයි. රූපලාවන්‍යාගාර හදිසි පරීක්ෂාවකට ලක්කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් යෙදවීමට ද නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

    සෞඛ්‍ය අමාත්‍යාංශය මෙවැනි තීරණයක් ගෙන ඇත්තේ පසුගියදා බම්බලපිටියේ පිහිටි රූපලාවන්‍ය මධ්‍යස්ථානයකදී වෛද්‍යවරියක් මිය යෑමේ සිද්ධියත් සමඟයි. ඒ අනුව රට පුරා පිහිටි සියලුම රූපලාවන්‍යාගාර පරීක්ෂාවකට ලක් කිරීමට නියමිතය. 

    විලවුන් උපකරණ හා ඖෂධ පනත යටතේ පවතින ප්‍රතිපාදන අනුව රූපලාවන්‍ය ආයතනවල භාවිත කරන විලවුන් ද්‍රව්‍ය හා උපකරණවල ප්‍රමිතිය පිළිබඳවත් ඒවායේ සේවය කරන පුද්ගලයන්ගේ පළපුරුද්ද හා සුදුසුකම් පිළිබඳවත් මෙහිදී අවධානය යොමු කෙරේ. ශ්‍රී ලංකා පෞද්ගලික වෛද්‍ය ආයතන නියාමන කොමිසම් සභාවේ හදිසි රැස්වීමක් කැඳවා රූපලාවන්‍යාගාර සම්බන්ධයෙන් තීරණ කිහිපයක් ගැනීමට ද නියමිත බව අමාත්‍යාංශය පැවසීය.

    රූපලාවන්‍ය ආයතනවල ක්‍රියාකාරිත්වය පිළිබඳ අඛණ්ඩ නිරීක්ෂණය හා අධීක්ෂණය පවත්වාගෙන යාම සඳහා පියවර ගන්නා ලෙස පළාත් හා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් වෙත සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපදෙස් ලබාදී තිබේ. වෛද්‍ය ආයතනයක් ලියාපදිංචි කිරීමේදී එම ආයතනය ලියාපදිංචියේදී දක්වන පහසුකම් හා වෛද්‍ය ප්‍රතිකාර මිස වෙනත් කටයුතු සඳහා එම ආයතන හා ලියාපදිංචිය භාවිත කිරීම නීතිවිරෝධී ක්‍රියාවක් වන බවත් අදාළ වාර්තාව ලබා ගැනීමෙන් පසු එවැනි ආයතන හා පුද්ගලයන් පිළිබඳ දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya