මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෘෂිකර්මාන්තය දියුණු කිරීමෙන් තොරව රටක් සංවර්ධනය කළ නොහැකියි

    අගෝස්තු 19, 2014
    කෘෂිකර්මාන්තය දියුණු කිරීමෙන් තොරව රටක් සංවර්ධනය කළ නොහැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගියදා ගන්නෝරුව පැළෑටි හා ජාන සම්පත් මධ්‍යස්ථානයේ පැවති කෘෂිකර්ම ඩිප්ලෝමා සහතිකපත‍්‍ර ප‍්‍රදානය කිරීමේ උත්සවයට සහභාගී වෙමින් පැවසීය. 

    කුණ්ඩසාලේ, කරපිංච, අඟුණකොළපැලැස්ස, මහඉලුප්පල්ලම යන කෘෂිකර්ම විද්‍යාලවල අවුරුදු දෙකක කෘෂිකර්ම ඩිප්ලෝමාව හැදෑරූ සිසු සිසුවියන් විසින් මෙහිදී සහතිකපත් ලබා ගන්නා ලදී.

    මෙහිදී කෘෂිකර්මික අංශයේ වර්තමාන ප‍්‍රගතිය සම්බන්ධයෙන් අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍යවරයා එදා රට මුහුණ දුන් බරපතළම ගැටලුව වූයේ ජනතාවට අවශ්‍ය ආහාර ලබාදෙන්නේ කෙසේද යන්නයි. 60%කට වැඩි ප‍්‍රමාණයක් ආහාර පිටරටින් ආනයනය කිරීමට සිදු වූ වකවානුවක් පසු කළ අප මේ වන විට එම තත්ත්වයෙන් මිදී ආහාරවලින් ස්වයංපෝෂිත යුගයක් වෙත අවතීර්ණ වී සිටී. "නැවෙන් කටට" යුගය අවසන් කිරීමට හැකි වූයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා කෘෂිකර්මාන්තය වෙනුවෙන් ලබාදුන් පහසුකම් හේතුවෙනි. දේශීය ගොවියාගේ ගැටලු හඳුනාගනිමින් ඔවුන්ව ආරක්ෂා කර ගැනීමට ද වත්මන් රජය කටයුතු කළේය. රටක තිරසාර සංවර්ධනයේ පදනම වන්නේ කෘෂිකර්මාන්තයයි. කාර්මික අංශය දියුණුවෙන් දියුණුවට පත් වුවත් කෘෂිකර්මාන්තය කිසිදිනක පහළට ඇද වැටෙන්නේ නැහැ. ආහාර යනු පුද්ගලයාගේ මූලික අවශ්‍යතාවයි. එම නිසා කෘෂිකර්මාන්තය යනු කිසිදා නොනැසෙන කර්මාන්තයක් බව පැවසීය. 


    පසුගිය කාලයේදී පරිපාලන ක්ෂේත‍්‍රයේ විශිෂ්ටයන් බවට පත්වූවේ කලා උපාධිධාරීන්ය. නමුත් මේ වන විට කෘෂිකර්ම උපාධිධාරීන් වැනි පිරිසක් පරිපාලන ක්ෂේත‍්‍රයේ විශිෂ්ටයන් බවට පත්ව සිටිති. කෘෂිකර්ම විෂයක් වශයෙන් හැදෑරීමට බොහෝ දෙනා යොමු වී ඇති බවට මෙය කදිම සාක්ෂියකි. අද දින විසිරී යන ඩිප්ලෝමාධාරීන් කෘෂිකර්මය පිළිබඳ තව තවත් අධ්‍යයනය කළ යුතුය. අලුත් දැනුම සොයායමින් කෘෂි කර්මාන්තයේ නව ඉසව් ගවේෂණය කළ යුතුයි. 


    වර්තමානයේ දී තේ, රබර් වැනි කර්මාන්ත පරිහානියට ලක් වන්නේ ඒ සඳහා අවශ්‍ය පුහුණු ශ‍්‍රමිකයන්ගේ හිඟය හේතුවෙනි. තේ පැළ කප්පාදු කිරීමට, රබර් ගසක කැපුමක් දැමීමට පුහුණුවක් නැති ශ‍්‍රමිකයන් නිසා වතුහිමියන් අපහසුතාවට ලක්ව සිටී. මෙවැනි කාර්යයන් සඳහා අවශ්‍ය වන්නේ නිසි පුහුණුවක් ලද වෘත්තිකයන්ය. පිටරටවල බොහෝ කාර්යයන් සිදුවන්නේ ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයන් අතිනි. යම් විෂයක් සම්බන්ධයෙන් ඉහළ ප‍්‍රවීණත්වයක් ලබා ගත් අයෙකුට ඕනෑම රටක රැකියා අවස්ථා රාශියක් විවෘතව පවතී. කෘෂිකර්ම ක්ෂේත‍්‍රයට අදාළ සියලුම අංශ ඒකරාශී වී කෘෂිකර්මාන්තයේ ප‍්‍රගතිය වෙනුවෙන් කටයුතු කළ යුතු බව ද ඔහු පෙන්වා දුන්නේය. 

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya