මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු කොරියා රැකියා සඳහා තවත් අවස්ථා රැසක්

    අගෝස්තු 19, 2014
    දකුණු කොරියාවේ දැනට පවතින රැකියාවලට අමතරව වෙනත් ක්ෂේත‍්‍රයන්ගේ රැකියා 
    අවස්ථාවන් ශ‍්‍රී ලංකාවට ලබා ගැනීම සම්බන්ධව ධනාත්මක ප‍්‍රවණතාවක් මතු වී ඇති බව ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති අමල් සේනාලංකාධිකාර මහතා ප‍්‍රකාශ කරයි. 
     
    පසුගියදා දකුණු කොරියාවේ සංචාරය කළ අවස්ථාවේදී දකුණු කොරියානු මානව සම්පත් දෙපාර්තුමේන්තුවේ සභාපති ආචාර්ය පාර්ක් යුන් බුම් මහතා (Dr. Park Young Bun) සමඟ මේ සම්බන්ධව කරුණු සාකච්ඡා කළ බවද සභාපතිවරයා සඳහන් කරයි.
     
    දැනට දකුණු කොරියාවේ රැකියා සඳහා ධීවර, ඉදිකරීම් හා නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ පවතී. එබැවින් මෙයට අමතරව වෘත්තීය මට්ටමේ රැකියා මෙරට පුහුණු ශ‍්‍රමිකයන් යැවීම සම්බන්ධව, මෙහිදී සාකච්ඡා පවත්වා ඇත.
     
    මේ වන විට දකුණු කොරියාවේ ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයන් 26,000ක් පමණ සේවය කරති.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya