මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික අපනයන උපායමාර්ගික සැලසුම් සඳහා විද්වත් අදහස් ලබා ගැනේ

    අගෝස්තු 19, 2014
    ගෝලීය වෙළෙඳාම, විවිධ සම්මුතීන් හා නොයෙකුත් කණ්ඩායම් මත බෙදීයාම හේතුවෙන් ද, ඒවා නියෝජනය කරන පාරිභෝගිකයන්ගේ ඉල්ලීම් ඉතා තීරණාත්මක සාධකයක්ව ඇති බැවින් ද, දේශීය අපනයන උපායමාර්ගයන්හි සාධනීය වෙනසක් ඇති කළ යුතු බැව් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බැව පැවසුවේ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් එළිදැක්වීමට නියමිත "2015 - 2020 ජාතික අපනයන උපායමාර්ගික සැලසුම් යෝජනාවලියට" අපනයනකරුවන් හා රේඛීය ආයතන නිලධාරීන්ගේ යෝජනා ලබාගැනීම වෙනුවෙන් පැවැත්වූ සැසිවාරයක ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිනි.
     
    කොළඔ 02, නවම් මාවතේ, පිහිටි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාල ශ්‍රවණාගාරයේදී මෙම සැසිය පසුගියදා පැවැත්විණි.
     
    "ජිනීවා ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානය (Geneva’s ITC) මෑතකදී කරන ලද 
    සමීක්ෂණයක් අනුව, අපගේ අපනයන සංවර්ධන මණ්ඩලය ලෝකයේ ඉතා දියුණු ආර්ථිකයකින් යුත් රටවල අපනයන සංවර්ධන ආයතන ව්‍යුහයන් සමඟ සම තත්ත්වයේ පවතින බව හෙළිකොට තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ප්‍රථම වරට ලෝක වෙළෙඳ සංවිධානයයේ (WTO) මිනුම් දඬු අතරට පැමිණ තිබෙනවා. 2020 දී ඇ.ඩො. බිලියන 20ක අපනයන ඉලක්කයක් ලබාගැනීමේ, රජයේ ඉලක්කයට මෙය ඉතා සුභදායී මූලාරම්භයක් වනු ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.
     
    ශ්‍රී ලංකාව ප්‍රථම වරට රාජ්‍ය සන්නාම දර්ශකයේ 67 වැනි ස්ථානයට පිවිස තිබීම අපනයන ක්ෂේත්‍රයේ සැමට සතුටට කාරණයක් වේවි. එමෙන්ම එළිදැක්වීමට නියමිත සන්නාම දර්ශකයේ ද, ශ්‍රී ලංකාව රටවල් 118ක් අතරින් 67 වන ස්ථානය ලබා තිබෙනවා. 66 වන ස්ථානය හිමිකර ගනිමින් අපට වඩා ඉහළින් සිටින්නේ චීනයයි. වියට්නාමය සිටින්නේත් අපට වඩා පසුපසින්. ඔවුන් 69 වන ස්ථානයේ පසුවනවා. දියුණු රටක් වන පෝලන්තය 75 වන ස්ථානය හිමිකර ගෙන තිබෙනවා.
     
    ශ්‍රී ලංකාව වැනි රටක් මෙවැනි ඉතා බලගතු ස්ථානයක් ලබා ගැනීම අප රටට ඉහළ ජාත්‍යන්තර පිළිගැනීමක්. මෙම වටිනා අවස්ථාව, අපගේ අපනයනයන්හි දියුණුවට යොදාගැනීමට කාලය පැමිණ තිබෙනවා. මෙම සංගණන දත්ත මගින් ශ්‍රී ලංකාවේ සැඟවුණු වෙළෙඳපොළ ශක්ති සම්පන්නතාව පෙන්නුම් කරනවා. මෙම ශ්‍රේණිගත කිරිම් දෙස බලන කල, ලෝකයේ බලගතු රටවල් හා කරටකර සිටිමින්, ඉහළ අපනයන ජයග්‍රහණයක් අත්පත් කර ගැනීමට අප සමත්ව සිටිනවා.  එමෙන්ම සැඟවී ඇති ශක්ති සම්පන්න වෙළෙඳපොළවල් වෙත අවධානය යොමුකිරීමෙන්, අපනයන ප්‍රවර්ධනයෙහිලා වැඩි වාසි අත්කර ගත හැකියි.  
     
    එමෙන්ම, මෙම තත්ත්වය වර්ධනය කරගැනීමට අපගේ අපනයන තවදුරටත් ප්‍රවර්ධනය කර ගැනීමට අපි සෑම උත්සාහයක්ම දැරිය යුතුය. ගෝලීය වෙළෙඳාම, විවිධ සම්මුතීන් හා නොයෙකුත් කණ්ඩායම් මත බෙදීයාම හේතුවෙන් ද, එවා නියෝජනය කරන 
    පාරිභෝගිකයන්ගේ ඉල්ලීම් ඉතා තීරණාත්මක සාධකයක්ව ඇති බැවින් ද, අපනයන උපාය මාර්ග වෙනස් කර ගැනීම අප මෙහිදී සිදුකළ යුතුයි. දේශීය සන්නාම ප්‍රවර්ධනය හා අපනයන උපායමාර්ග යන අංශ දෙක එක සමාන්තරව  ක්‍රියාත්මක කළ හැකි නම් ශ්‍රී ලංකාවේ අපනයන නැංවීමට එය ඉතාම වැදගත් වේවි. අපගේ අපනයන උපාය මාර්ග ව‍ෙවඩාත් ශක්තිමත් කිරීම සඳහා ජිනීවා අන්තර්ජාතික වෙළෙඳ මධ්‍යස්ථානය (Geneva’s ITC) විසින් ගන්නා ධනාත්මක ප්‍රයත්නයන්ට ශ්‍රී ලංකාවේ අපනයන ප්‍රජාව වෙනුවෙන් මාගේ ප්‍රශංසාව පිරිනැමීමට කැමතියි.
     
    2015-2020 ජාතික අපනයන උපායමාර්ගික සැලසුම් යෝජනාවලිය සකස් කරනු 
    ලබන්නේ, ජිනීවා අන්තර්ජාතික වෙළෙඳ මධ්‍යස්ථානයේ නොමසුරු තාක්ෂණික උපකාර හා රාජ්‍ය හා පෞද්ගලික කොටස්කරුවන් අතර කෙරෙන සාකච්ඡා මතයි. මෙම සැසිය, අපනයන ක්ෂේත්‍රයට අදාළ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහයෝගීතාව ශක්තිමත් කිරීමට ද ඉමහත් රුකුලක් වෙනවා.
     
    ජාතික අපනයන මූලෝපාය සංවර්ධනය හා එම උපාය මාර්ගික සැලසුම් ක්‍රියාත්මක කිරීම සාර්ථක කර ගැනීමට සියලු දෙනාගේ සහයෝගය ලබාදෙනු ඇතැයි විශ්වාස කරන අතර, ඒ සඳහා තම දායකත්වය ලබාදීම වෙනුවෙන් සියලු දෙනාට ස්තුති වන්ත වන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     
    කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ ලේකම් අනුර සිරිවර්ධන, ජිනීවා අන්තර්ජාතික වෙළෙඳ මධ්‍යස්ථානයේ ප්‍රධානී, ඇන්ටන් සේඩ් (ANTON SAID), එහි ජ්‍යේෂ්ඨ උපදේශක පැබ්ලෝ ලෝ මොරෝ (PABLO LO MORO), ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති බන්දුල එගොඩගේ, අධ්‍යක්ෂ ජනරාල් සුජාතා වීරකෝන්, විධායක අධ්‍යක්ෂ යූසුෆ් කේ. මරික්කාර්, ප්‍රතිපත්ති හා සැලසුම් අංශයේ වැඩබලන අධ්‍යක්ෂිකා දයානි වෑගපිටිය යන මහත්ම මහත්මීන් ද විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් අපනයනකරුවන් රැසක්ද, කර්මාන්ත හා වාණිජ මණ්ඩල නියෝජිතයන් ද, රේඛීය අමාත්‍යංශ, දෙපාර්තමේන්තු හා ආයතන නිලධාරීහු ඇතුළු විශාල පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya