මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආයෝජන මණ්ඩලය ටෝකියෝ මිට්සුබිෂි සමාගම සමඟ ගිවිසුමකට එළැඹේ

    අගෝස්තු 19, 2014
    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හා ටෝකියෝ මිට්සුබිෂි යු.එෆ්.ජේ. බැංකු සමාගම අතර ඊයේ (18) අවබෝධතා ගිවිසුමකට අත්සන් කළේය.
     
    ජපන් ආයෝජන මගින් විදේශ ඍජු ආයෝජන ප්‍රවර්ධනය කිරීම හා ශ්‍රී ලංකා ජපාන ව්‍යවසායකයන් අතර ව්‍යාපාරික සබඳතා දිරිමත් කිරීමේ අරමුණින් මෙලෙස ගිවිසුමකට එළැඹ ඇත.
     
    මෙම ගිවිසුම හරහා ශ්‍රී ලංකාවේ විදේශ ඍජු ආයෝජන සම්බන්ධව ජපාන සමාගම්වලට පවත්වන සම්මන්ත්‍රණවලදී ටෝකියෝ මිට්සුබිෂි බැංකුව හා සම්බන්ධ වී එයට සහය දැක්වීම, ශ්‍රී ලංකාවේ අනාගත ව්‍යාපෘති පිළිබඳ ව ටෝකියෝ මිට්සුබිෂි බැංකුව දැනුවත් කිරීම, ඒ මගින් බැංකුවට ඒවායේ ඇති අවස්ථාවන් පිළිබඳ ව සමාගම් දැනුවත් කිරීම, ශ්‍රී ලංකාවට කාර්මික ආයෝජන ආකර්ෂණය කරගැනීම සඳහා ආයෝජන මණ්ඩලය මෙම බැංකුව සමඟ සමීපව කටයුතු කිරීම සිදු වේ.
     
    ශ්‍රී ලංකාවට ඍජු විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීමෙහි ලා ජපාන සමාගම්වලට සම්මන්ත්‍රණ පැවැත්වීමේ දී ඒ සඳහා ආයෝජන මණ්ඩලයට සහය දැක්වීම, බැංකුවේ පාරිභෝගිකයන් අතුරින් විභව සමාගම් සමඟ ඍජු සාකච්ඡා පැවැත්වීම සඳහා සංවිධානය කිරීම, දෙරට අතර ව්‍යාපාරික රැස්වීම් ඇතුළු ව ශ්‍රී ලංකාවේ අනාගත ව්‍යාපෘති සඳහා ජපාන ආයෝජකයන් හඳුන්වාදීම, බැංකුව ශ්‍රී ලංකාවෙහි සිදු කරන ව්‍යාපාරික ක්‍රියාකාරකම් පිළිබඳ ව විභව ආයෝජකයන් දැනුවත් කිරීම ටෝකියෝ මිට්සුබිෂි බැංකුව විසින් සිදු කරනු ලැබේ.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya