මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ව්‍යවසාය පුහුණු වැඩසටහනක් මාතර දී

    අගෝස්තු 19, 2014
    මාතර දිස්ත‍්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නඟාසිටුවීම සඳහා ව්‍යාපාර 
    සැලසුම්කරණය පිළිබඳ දින තුනක (03) පුහුණු වැඩසටහනක් පසුගියදා මාතර බ‍්‍රවුන්ස්හිල්හි පිහිටි යුරේනියම් හෝටලයේ දී පැවැත්විණි.
     
    මෙම පුහුණු වැඩසටහන සඳහා මාතර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16 
    නියෝජනය කරමින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 30 දෙනෙකු පමණ සහභාගි වූහ.
     
    cefe net ආයතනයේ උප සභාපති පියසිරි තෙන්නකෝන් මහතා සහ සම්පත් බැංකුවේ සම්බන්ධතා කළමනාකරු රංජිත් අබේකෝන් මහතා ඇතුළු එම ආයතනවල නිලධාරීන් සම්පත් දායකත්වය සැපයූහ. 
     
    මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය, සම්පත් බැංකුව සහ cefe net ආයතනය එක්ව මෙය සංවිධානය කරන ලද බව ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ මාතර දිස්ත‍්‍රික් කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරී ඩී. කේ. ප‍්‍රදීපා මෙනෙවිය ප‍්‍රකාශ කළාය.
     
    ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සහ සම්පත් බැංකුව මූල්‍ය ප‍්‍රතිපාදන සපයන ලදි.
     
    DB/TI - dmu matar

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya