මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විපක්ෂය බලයේ සිටි අවධියේ ගොවීන්ට සැලකූ අයුරු සිහිපත් වනවා

    අගෝස්තු 19, 2014
    තමන් බලයට පත් වූ දිනෙක ඌවේ ගොවි ජනතාව නඟාසිටුවන බවට රනිල් වික්‍රමසිංහ මහතා මෑතක ප්‍රකාශ කර තිබූ බවත් රනිල්ගේ එම ප්‍රකාශයත් සමග ඔහු බලයේ සිටි වකවානුවේ රටේ ගොවි ජනතාවට කළ සැලකිලි සිහිපත් වන බවත් සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා සඳහන් කරයි.
     
    ප්‍රධාන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (18) මහියංගන මැතිවරණ කොට්ඨාසයේ හොබරියාව ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.
     
    එදා රනිල්ලාගේ පාලන සමයේ අස්වනු විකුණා ගැනීමට නොහැකිව ගොවි මහත්වරු දහ පහළොස් දෙනෙකු වස බී දිවි නසා ගත්තා. එදා ඒ ගැන රනිල්ලා මොකද කීවේ. ගොවියෝ වස බොන්නේ ජොලියට කියලයි. එදා ඒ ගොල්ලො කිව්වේ. අද දවසෙත් ගොවි මහත්වරුන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා මම කියන්නෙ නැහැ. එහෙත් අස්වනු විකුණා ගැනීමට නොහැකිව දිවිනසා ගත් ගොවින් ගැන ජොලියට වහ බීවා යැයි අවඥාවෙන් සඳහන් කරන පාලකයෝ මැති ඇමතිවරු මන්ත්‍රීවරු මහින්ද රාජපක්ෂ රජයේ නැහැ.
     
    ජනාධිපතිතුමා කෙතරම් දුෂ්කරතා හමුවේ වුව පොහොර සහනාධාරය ගොවි ජනතාව අතට පත්කිරීමට අඛණ්ඩව කටයුතු කර තිබෙනවා. ගොවිතැනේ බතේ වටිනාකම මහින්ද රාජපක්ෂ මැතිතුමා පොත පතින් ඉගෙනගත් දෙයක් නෙමෙයි. රනිල් වික්‍රමසිංහ මහත්මයා විපක්ෂයේ ඉන්න කාලයේ දී පොළේ ඇවිදින්න රුසියෙක්. වරක් ඔහු අලව්වේ පොළටත් ගියා. එහිදී බුලත් ගොවියන් පිරිසක් විපක්ෂ නායකවරයා වට කරගෙන බුලත් වෙළෙපොළ වැටී ඇතැයි ඔහුට මැසිවිලි කීවා. බත බුලත හා බැඳි අපේ රටේ සංස්කෘතික හා සෙසු වටිනාකම් පිළිබඳ ව අවබෝධයක් නැති රනිල් එදා අලව්වේ බුලත් ගොවීන්ට කීවේ බුලත් කෑම අතහැර චුයිංගම් කෑමට පුරුදු වන ලෙසයි.
     
    රනිල්ගෙ ක්‍රමයට අනුව මෙරටේ ආර්ථිකය ක්‍රියාත්මක වුවහොත් අපේ උපාසක අම්මලට බුද්ධ පූජාවත් එක්ක දැහැත්විටක් වෙනුවට චුයිංගම් පෙත්තක් බුදු හාමුදුරුවන්ට පූජ කරන්නයි වෙන්නේ. රනිල් වික්‍රමසිංහ කියන්නේ කට අරින පාරක් ගානේ තමන්ව විනාශ කරගන්නා මේ රටේ සදාකාලික විපක්ෂ නායකයා යැයි ද සබරගමු මහ ඇමතිවරයා කීය.
     
    සබරගමු පළාත් සභා මන්ත්‍රී උදයකාන්ත ගුණතිලක, රඹුක්කන සහ වරකාපොළ ප්‍රාදේශීය සභා සභාපතිවරුන් වන අතුල හඳගම, කීර්ති ශ්‍රී විජේතුංග යන මහත්වරුද මෙම ජන හමුවට සහභාගී වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya