මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැද පෙරදිග ඇතැම් රටවල් ඇද වැටුණේ තරුණ පරපුරට දේශපාලන දැනුමක් නොමැතිකමින්

    අගෝස්තු 19, 2014
    ඇතැම් දේශපාලන පක්ෂ වෛරය, ද්වේශය, කෝපය වපුරන අතරතුර ශ්‍රී.ල.නි.ප.ය ආරම්භයේ පටන් අද දක්වා ජනතාව අතරට දයාව, කරුණාව හා මෛත්‍රීය ගෙන ගිය පක්ෂයක් බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
     
    අපේ පක්ෂයේ වැඩිහිටි පරපුරේ මෙන්ම වත්මන් තරුණ පරපුරේ ද දෑත්වල ලේ ගෑවී නැහැ. රට අගාධයට ගෙනයනු වෙනුවට රට ත්‍රස්තවාදයෙන් මුදා ගනිමින් නුතන තරගකාරී ලෝකයේ අපේ මව්බිම ඉහළටම ඔසවා තැබීම ශ්‍රී.ල.නි.ප.යේ අරමුණ යැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
     
    නාමල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ රඹුක්කන මැතිවරණ කොට්ඨාසයේ කලාපීය මට්ටමින් පැවති ශ්‍රී.ල.නි.ප. තරුණ හමු 06ක් අමතමිනි.
     
    ශ්‍රී.ල.නි.ප.යේ තරුණ සමිති ප්‍රතිසංවිධාන කටයුතු මේ දිනවල දිවයින පුරා මැතිවරණ කොට්ඨාස මට්ටමින් සිදු කෙරෙන අතර එම වැඩපිළිවෙළට, නිල් බලකාය නිර්මාතෘ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  නීතිඥ නාමල් රාජපක්ෂ මහතා නායකත්වය ලබා දේ.
     
    ඒ යටතේ සෑම මැතිවරණ කොට්ඨාසයකම කලාපීය මට්ටමින් තරුණ හමුව සංවිධානය කරන අතර දිස්ත්‍රික් හා ජාතික තරුණ සංවිධානය වඩාත් ශක්තිමත්ව ප්‍රතිනිර්මාණය කිරීම මෙම තරුණ හමු මාලාවේ අරමුණ වේ.
     
    ඒ අනුව රඹුක්කන මැතිවරණ කොට්ඨාසයේ කලාපීය තුරුණු හමු 06ක් පසුගිය දා දැලිවල, වහව, කිරිවල්ලාපිටිය, කඩිගමුව, කොටගම, හිරිවඩුන්න සහ සූරියපුර යන ස්ථානවල දී පැවැත්විණි.
     
    කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම දිස්ත්‍රික්කයේ ශ්‍රී.ල.නි.පක්ෂ තරුණ සංවිධානයේ සභාපති කනක හේරත් මහතා මෙම කලාපීය තුරුණු හමු 06 සංවිධානය කර  තිබූ අතර එම සියලු රැස්වීම් සඳහා දහස් සංඛ්‍යාත තරුණ තරුණියන් මෙන්ම වැඩිහිටියෝ ද වයස් බේදයකින් තොරව එක්වීම විශේෂයෙන් කැපී පෙනිනි.
     
    මෙම වැඩපිළිවෙළල යටතේ ගමේ තරුණයාට ජාතික මට්ටමටම ගොස් රටේ ප්‍රතිපත්ති සම්පාදනයට දායක වීමට ඉඩකඩ ලැබී ඇති අතර ඒ හරහා පක්ෂය පමණක් නො ව සමස්ත දේශයම දැනුමින්, තාක්ෂණයෙන් පොහොසත් කිරීම වත්මන් ශ්‍රී.ල.නි.ප තරුණ සංවිධානයේ අරමුණ බව මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා කීය.
     
    මෙම අවස්ථාවන්ට සබරගමු මහ ඇමති මහීපාල හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එරික් ප්‍රසන්න වීරවර්ධන, ෂෙහාන් සේරසිංහ, තාරානාත් බස්නායක, පළාත් සභා මන්ත්‍රීවරුන් වන ආනනන්ද මිල්ලංගොඩ, ජෙහාන් ප්‍රනාන්දු , තාරක බාලසූරිය, චමිල් දිසානායක, ප්‍රියන්ත පතිරණ සහ රඹුක්කන ප්‍රාදේශිය සභාවේ සභාපති අතුල හඳගම යන මහත්වරු ද සහභාගී වූහ.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya