මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රක්නා ආරක්ෂක ලංකා වෙතින් නව සුඛෝපබෝගී අවන්හලක්

    අගෝස්තු 19, 2014
    ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන රක්නා ආරක්ෂක 
    ලංකා සමාගම විසින් ජනතාව සඳහා වඩා ප්‍රණීත කෑමබීම ලබාදීමේ අරමුණින් යුතුව නව සුඛෝපබෝගී අවන්හලක් ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (19) කිඹුලාවලදී විවෘත විය.
     
    මෙම අවන්හල පවත්වාගෙන යාමෙන් ලැබෙන ලාභය ආරක්ෂක අමාත්‍යංශය විසින් රණවිරුවන්ගේ සුභසාධනය වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන "අපි වෙනුවෙන් අපි" අරමුදල සඳහා බැර කරනු ලැබේ.
     
    2007 පෙබරවාරි 07 දින රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අනුමැතිය ඇතිව රාජ්‍ය ආයතන හා රටේ අනෙකුත් වැදගත් ස්ථානයන්හි ආරක්ෂාව සැපයිමේ අරමුණින් මෙම රක්නා ආරක්ෂක ලංකා සමාගම ආරම්භ කරණු ලැබීය. 
     
    මෙම අවස්ථාව සඳහා නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා, ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ හමුදා සම්බන්ධීකරණ නිලධාරී මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු, අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරුන් වන එස්. හෙට්ටිආරච්චි, දමයන්ති රත්නායක හා රොහාන් සෙනවිරත්න යන මහත්ම මහත්මීන්, අන්තරායකාරී‍ ‍ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපතිනිය වන ලේෂා ද සිල්වා, වනජීවී අමාත්‍යංශයේ ලේකම් උදේනි වික්‍රමසිංහ, ඉඩම් ගොඩකිරීමේ දෙපාර්තමේන්තුවේ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් පෙරේරා මහත්වරු ඇතුළු තවත් නිලධාරීහු විශාල පිරිසක් සහභාගී වී සිටියහ. 
     
    DB
     
    20140819 02p14
     
     
    20140819 02p5

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya