අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලොන්නරුවේ ජනතාවට තවත් ජල ටැංකි 10ක පරිත්‍යාගයක්

    අගෝස්තු 13, 2014
    පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ පවතින දැඩි නියඟය හේතුවෙන් පානීය ජල හිඟයට මුහුණ පා ඇති ජනතාවට ලබාදීමට ජල ටැංකි 10ක්, පෞද්ගලික ආයතනයක් විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට පිළිගන්වයි.  
     
    දැනට මාස කිහිපයක සිට උතුරු මැද පළාත තුළ පවතින දැඩි නියඟය හේතුවෙන් පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ ප‍්‍රදේශ කිහිපයක ජනතාවට දැඩි පානීය ජල හිඟයකට මුහුණදීමට සිදුව ඇත. එබැවින්  නියඟයෙන්  පීඩාවට පත් ජනතාවට පානීය ජලය රැස්කර ගැනීම සඳහා අවශ්‍ය ප්ලාස්ටික් භාජන එනම් ප්ලාස්ටික් ගැලුම්, ජල ටැංකි, විශාල ප‍්‍රමාණයේ ප්ලාස්ටික් බෝතල් වැනි ජලය රැස්කර තබාගත හැකි දෑ ලබාදීමට හැකි පරිත්‍යාගශිලීන් එම ජල බඳුන් ලබාදීමට කටයුතු කරන මෙන් සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රිපාල සිරිසේන මහතා පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලීමක් කරනු ලැබීය. 
     
    එම ඉල්ලීමට ප‍්‍රතිචාර දක්වමින්  පෞද්ගලික ආයතනයක් මගින් පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ පානීය ජලය හිඟයට පත් ජනතාවට ලබාදිම සඳහ ලීටර් 1000ක ජල ධාරිතාවකින් යුත් ජලය රැස්කර ගත හැකි වතුර ටැංකි 10ක් සෞඛ්‍ය අමාත්‍යතුමා වෙත පිළිගැන්වීම Genomics ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ Raj k. Omprasadham මහතා සහ මෙහෙයුම් කළමනාකරු  York Pholips යන මහත්වරුන් ගේ මූලිකත්වයෙන් අද දින (13) සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ‍්‍ර‍්‍රයේ දී සිදු කරන ලදි.  
     
    මෙම ජල ටැංකි වහා ම නියඟයෙන් පීඩාවිඳින ජනතාව වෙත ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙහිදී ප‍්‍රකාශ කරන ලදි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya