අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරණ යෝන් වීදිය මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියට

    අගෝස්තු 13, 2014
    වසර 31කට පසු රුපියල් මිලියන 30කට අධික වියදමින් මුළුමනින්ම ප්‍රතිසංස්කරණය කරන ලද පරණ යෝන් වීදිය මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත්කිරීම ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරිණ.
     
    1983 වර්ෂයේ දී ආරම්භ කෙරුණු පරණ යෝන් වීදිය මහල් නිවාස සංකීර්ණය නිවාස 16කින් සමන්විත වේ. මෙම නිවාස ව්‍යාපෘතිය ආරම්භ කර වසර 31ක් ගත වී ඇති නමුත් කිසිදු ප්‍රතිසංස්කරණ කටයුත්තක් සිදුකර නොතිබිණ. ඒ හේතුවෙන් දැඩිලෙස අබලන් වී ජරාජීර්ණ තත්ත්වයට මෙම නිවාස සංකීර්ණය පත්ව තිබීම නිසා එම නිවාසවල වැසියන්ට හා කුඩා දරු දැරියන්ට වාසය කිරීමට පවා නොහැකි තත්ත්වයක් උදා වී තිබිණ.
     
    මේ  පිළිබඳව අවධානය යොමු කළ විමල් වීරවංශ අමාත්‍යවරයා එම නිවාස ව්‍යාපෘතියේ තත්ත්වය පිළිබඳ කරුණු සොයා බලා කඩිනමින් නිවාස ව්‍යාපෘතියේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන ලෙස සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය. ඒ අනුව 2013 වසරේ දී ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර වසරකට වඩා අඩු කාලයක් තුළ මහල් නිවාස සංකීර්ණය මුළුමනින්ම ප්‍රතිසංස්කරණය කර  නව මහල් නිවාස සංකීර්ණයක තත්ත්වයට පත්කරන ලදී.
     
    " මහින්ද චින්තන ඉදිරි දැක්ම" අනුව විමල් වීරවංශ අමාත්‍යවරයා උපදෙස් පරිදි ක්‍රියාත්මක වන "ජනසෙවණ" නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුමට සමගාමීව ක්‍රියාවට නැංවෙන "නගමු පුරවර" මහල් නිවාස ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය විසින් මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරනු ලැබ තිබේ. 
     
    මේ යටතේ මහල් නිවාස සංකීර්ණයේ වහල අලුත්වැඩියා කිරීම, වඩිම්බු ලෑලි සවිකර වැහි පීලි යෙදීම, ගොඩනැගිලි බිත්තිවල ජලනල කාන්දුවීම් අලුත්වැඩියා කිරීම, නිවාස සංකීර්ණයේ පියගැටපෙළ අලුත්වැඩියා කිරීම, ගොඩනැගිලි වර්ණ ආලේප කිරීම හා මලාපවාහන පද්ධති හා අපජල බස්නා කාණු පද්ධති ප්‍රතිසංස්කරණය කිරීම, පොදු භූමි ප්‍රදේශ හා උද්‍යාන අලංකරණය කිරීම වැනි ප්‍රතිසංස්කරණ රැසක් සිදුකර තිබේ.
     
    නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමෙන් අනතුරුව විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් සිදුකරන ලද මෙහෙයට කෘත ගුණ සැළකීම වශයෙන් නිවාස සංකීර්ණයේ වැසියන් විසින් අමාත්‍යවරයාට සමරු තිළිණයක් ද මෙහිදී ප්‍රදානය කෙරිණි. 
     
    මෙම අවස්ථාවට නාගරික කටයුතු පිළිබඳ ජ්‍යේෂ්ඨ අමාත්‍ය ඒ. එච්.එම්. ෆවුසි, කොළඹ නාගරික මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යංශයේ ලේකම් පී.එච්.එල්. විමලසිරි පෙරේරා, සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති නීතිඥ කපිල ගමගේ, එහි සාමාන්‍යාධිකාරී ජී.යූ. උපවංශ, ජනසෙවණ නිවාස මහලේකම් කාර්යාලයේ උපදේශක ලක්විජය සාගර පලන්සූරිය යන මහත්වරු, ප්‍රාදේශීය මහජන නියෝජිතයෝ, ප්‍රදේශවාසීහු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
     
    DB
     
    kolaba 12 parana Yon Veediya Mahal niwasaye palakaya vewurtha kerema

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya