අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තෙවන ජාතික මානව සංවර්ධන වාර්තාව එළිදක්වයි

    අගෝස්තු 13, 2014
    ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් තෙවන ශ්‍රී ලංකා ජාතික මානව සංවර්ධන වාර්තාව එළිදැක්වීම යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී සිදු කෙරිණි.
     
    ප්‍රතිපත්ති සංවර්ධනය හා ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රධාන උපායක් වන ජාතික මානව සංවර්ධන වාර්තාව සකස් කෙරුණේ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන, යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යංශය හා මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යංශය යන ආයතනවල සාමුහික උත්සාහයෙහි ප්‍රතිඵලයක් වශයෙනි. 
     
    ශ්‍රී ලංකාවේ තුන් වන ජාතික මානව සංවර්ධන වාර්තාව ශ්‍රී ලංකා තරුණයන් ගේ ප්‍රධාන භූමිකාව පරීක්ෂා කරයි. තරුණයා සහ සංවර්ධනය වඩා පරිපූර්ණ අනාගතයක් කරා මගින් 21වන සියවස එස්සේ රට ඉදිරියට ගමන් කරද්දි තරුණයන් මුහුණ දෙන අවස්ථා හා අභියෝග පිළිබඳ ව විමර්ශනය කෙරේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya