අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජල ආරක්ෂාව පිළිබඳව නුවරඑළිය නිලධාරීන් දැනුවත් කරයි

    අගෝස්තු 13, 2014
    "කුඩා ප්‍රමාණයේ ජල සම්පාදන පද්ධතීන් සඳහා ජල ආරක්ෂක සැලසුම්" යන මැයෙන් ජල ආරක්ෂාව පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. 
     
    ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලද අතර ජලයේ පිරිසිදු භාවය, ජල ආරක්ෂක සැලසුම් ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව මෙහි දී දැනුවත් කිරීම සිදුවිය. 
     
    ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ප්‍රධාන ඉංජිනේරු ආචාර්ය එස්.කේ. වේරගොඩ මහතා සහ ජ්‍යේෂ්ඨ රසාඥ අශෝක ජයවර්ධන මහතා විසින් මෙහිදී දේශන සිදු කරනු ලැබූහ.
     
    ජලය සම්බන්ධ විශ්වාසය ජනතාව තුළ අඛණ්ඩව රඳවා ගැනීමට නම් ජලයේ සුපිරිසිදු භාවය තහවුරු කළ යුතුය. ජලය අපවිත්‍රවන ක්‍රම විධි, ජලයෙන් ඇති වන රෝගාබාධ, ජලයේ පවතින රසායනික සංයුතිය, ජලයේ පවතින ජීව විද්‍යාත්මක තත්ත්වය, ජල සංරක්ෂණ ක්‍රමවේද පිළිබඳ ව මෙහි දී විශේෂ අවධානයට ලක් විය. එමෙන්ම සාම්ප්‍රදායික ක්‍රම විධි මගින් ජලය සුරක්ෂිත කළ යුතු ආකාරය පිළිබඳව ද මෙහි දී විශේෂ අවධානයට ලක් විය.
     
    ජලාශ්‍රිතව සිදුවන රෝග හේතුවෙන් ලොව පුරා සෑම තත්පරයකටම ළමා මරණයක් සිදු වේ. ජලය ආරක්ෂා කරගැනීම සඳහා චක්‍රීය ආකෘතියක් මෙහි දී හඳුන්වා දීම සිදු විය. ඒ සඳහා ප්‍රජා කණ්ඩායම් සකසා ගැනීම, ජල පිරිපහදු පද්ධති හඳුනා ගැනීම, ජල ප්‍රවාහනය තුළ හඳුනාගත හැකි අනතුරු, ඒ සඳහා සැලසුම් සකසා ගැනීම, ව්‍යාපෘති නිරීක්ෂණය සහ ආරක්ෂණ තත්ත්වය නැවත නැවතත් නිරීක්ෂණය කිරීම ආදී ක්‍රම විධි ඇතුළත්ය.
     
    මෙම වැඩසටහන සඳහා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කුමාරසිරි මහතා ඇතුළු ව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රාදේශීය ලේකම්වරුන්, සෞඛ්‍ය අංශ ප්‍රධානීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, අධ්‍යාපන ඒකක නියෝජිතයන් සහ මාධ්‍යවේදීහු ද සහභාගී වී සිටියහ.
     
    DB/SM - dmu nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya