අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දැදිගම වරකාපොළ ග්‍රාමීය මාර්ග රැසක් සංවර්ධනය කිරීමෙන් අනතුරුව ජනතා අයිතියට

    අගෝස්තු 13, 2014
    දැදිගම මැතිවරණ කොට්ඨාසයේ වරකාපොළ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් ග්‍රාමීය මාර්ග රැසක් සංවර්ධනය කිරීමෙන් අනතුරුව ඒවා ජනතා අයිතියට පත්කිරීමත් තවත් මාර්ග කිහිපයක සංවර්ධන කටයුතු ආරම්භ කිරීමත් ඊයේ (12) කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
     
    ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ එක් ගමකට - එක් වැඩක් ව්‍යාපෘතිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතාගේ විමධ්‍යගත අරමුදලින් මෙම මාර්ග සංවර්ධන ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන ලබාදි තිබිණි.
     
    මේ යටතේ කොහොඹදෙනිය පන්සල මාර්ගය පළමු සහ දෙවන අදියරයන් සංවර්ධනය කිරීමෙන් අනතුරුව ඒවා ජනතා අයිතියට පත්කිරීම කනක හේරත් මහතා අතින් සිදු වුණු අතර ඒ සදහා වැය කර ඇති මුදල රුපියල් දොලොස් ලක්ෂ පනස් දහසකි.
     
    රුපියල් පන්ලක්ෂයක වියදමින් ඉදි වූ මායන්නොලුව ගම්මැද මාර්ගය ජනතා අයිතියට පත්කිරීම ද සිදු වූ අතර නිවටුව, නාරංවැල්ල සහ මැදගොඩ සර්වෝදය මාර්ගය යන තවත් දුෂ්කර මාර්ග රැසක සංවර්ධන කටයුතු ආරම්භ විය.
     
    මෙම දුෂ්කර මාර්ග දෙක සංවර්ධනය කිරීම සඳහා මන්ත්‍රී විමධ්‍යගත අරමුදලින් රුපියල් පන්ලක්ෂයක් ලබාදී තිබූ අතර මෙම සියලු මාර්ග සංවර්ධන කටයුතු දැයට කිරුළ 2014 ජංගම සේවාවලදී මහජන ඉල්ලීම් මත තෝරා ගනු ලැබ ඇත.
     
    වරකාපොළ ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති සබරගමු මහ ඇමති මහීපාල හේරත් මහතාගේ මැදිහත්වීමෙන් ආර්ථික සංවර්ධන අමාත්‍යංශය එකී ව්‍යාපෘති සඳහා වැය කළ මුදල රුපියල් පහළොස් ලක්ෂයකි. මේ අනුව දුෂ්කර මාර්ග 05 සඳහා රජය වැය කළ මුදල රුපියල් තිස් ලක්ෂයකි.
     
    මෙම අවස්ථාවන්ට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන සරත් සුමනසිරි, ප්‍රියන්ත කුමාර, රවිඳු ප්‍රභාත් යන මහත්වරු සහභාගී වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya