අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර පුරන් කුඹුරුවල වෙනත් භෝග වගා කිරීමට අවධානය

    අගෝස්තු 13, 2014
    මාතර දිස්ති‍්‍රක්කයේ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ගොවි සතියට සමගාමීව දිස්ත‍්‍රික්කයේ වී වගා කළ නොහැකි පුරන් කුඹුරුවල වගා කළ හැකි වෙනත් භෝග වර්ග වගා කිරීම කෙරෙහි අවධානය යොමු කර ඒ සඳහා ක‍්‍රියාමාර්ග ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. 
     
    අබේවර්ධන මහතා මේ අදහස් පැවසුවේ ඊයේ (12) පෙරවරුවේ මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ‍්‍රවණාගාරයේ දී පැවති මාතර දිස්ත‍්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමට සහභාගි වූ අවස්ථාවේදී ය. 
     
    කිරළ කැලේ ව්‍යාපාරයට අයත් භූමියෙහි අක්කර 05ක් තෝරාගෙන සෝර්ජාන් ක‍්‍රමය යටතේ වගා කටයුතු කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති අතර එය සාර්ථක වුවහොත් නිල්වලා නිම්නයේ පුරන් කුඹුරු අක්කර 5000කට වඩා වගා කළ හැකි බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
     
    කෘෂිකර්ම ක්ෂේත‍්‍රයට අදාළ සියලු කටයුතු කිරීම සඳහා ජනාධිපතිතුමා අවශ්‍ය තරම් මුදල් ප‍්‍රතිපාදන ලබා දී තිබෙන බවත් කෙටි කාලයක් තුළ මේ ප‍්‍රතිපාදන වැයකර සංවර්ධන කටයුතු සිදුකර අවසන් කළ යුතු බව ද අවධාරණය කෙරිණි.
     
    මේ අවස්ථාවට මාතර දිස්ත‍්‍රික් ලේකම් ඊ. ඒ. සී. විදානගමාච්චි, මාතර අතිරේක දිස්ත‍්‍රික් ලේකම් බන්ධුල රණවීර, මාතර දිස්ත‍්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ සුජාතා වීරසිංහ, 
    දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16 ම නියෝජනය වන පරිදි සියලු ම ප‍්‍රදේශීය ලේකම්වරු ඇතුළු කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන්, පෞද්ගලික අංශය සහ ගොවි සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
     
    මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලීය කෘෂිකර්ම අංශය රැස්වීම සංවිධානය කරන ලදි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya