අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඔයාමඩුවට පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදන කම්හලක්

    අගෝස්තු 13, 2014

    රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයේ අනුමැතියෙන් අනුරාධපුර දැයට කිරුළ ප‍්‍රදර්ශනය පැවැති ඔයාමඩුව භූමියේ පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදන කම්හලක් ඉදි කෙරේ.

     

    මූලික වශයෙන් මේ පුපුරණ ද්‍රව්‍ය (වෙඩි බෙහෙත්) කම්හල තුළින් කළුගල් කර්මාන්තය ප‍්‍රවර්ධනය කිරීමට වැඩි අවධානයක් යොමු කිරීමට ආරක්‍ෂක අමාත්‍යාශයේ අරමුණයි. කම්හල මගින් ඍජු  හා වක‍්‍ර රැකියා පන්සීයක් (500) පමණ හිමිවන අතර තාක්‍ෂණික ඥානය හැර සියලු සේවක සේවකයින් භූමිය අවටින්ම සපයා ගැනීමට අපේක්‍ෂා කෙරේ. ශ‍්‍රී ලංකාවේ ඉදි වූ දෙවෙනි පුපුරණ ද්‍රව්‍ය කම්හල මෙය වීම ද විශේෂත්වයකි.


    පුපුරණ ද්‍රව්‍ය කම්හලේ ඉදිකිරීම් විශේෂ ව්‍යාපෘති අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එස්.එම්. චන්‍ද්‍රසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරිණි. මෙහිදී අදහස් දැක්වු එස්.එම්. චන්‍ද්‍රසේන මහතා කියා සිටියේ ඉදිරියේ දී මේ භූමියේ ඇඟලුම් කර්මානත් ශාලාවක් ද ආරම්භ කරන අතර එමගින් තවත් රැකියා දහසක් පමණ හිමිවන බවය. වෙඩි බෙහෙත් ගබඩාවට විවිධ පිරිස්වල උසිගැන්වීම් නිසා විරෝධතා පැමිණි බවත් මේ රටේ හොඳ දෙයක් වූවද එවැනි දෙයක් කඩාකප්පල් කිරීමට ජනතාව උසිගන්වන පිරිසක් සිටින බව ද පැවසීය.


    විවිධ කණ්ඩායම්වල බාධා කිරීම් සහ පෙළඹවීම් මත විවිධ උද්ඝෝෂණ හා විරෝධතා පැවැත්වීම හේතුවෙන් මේ කම්හල ඉදිකිරීම ප‍්‍රමාද වීමට හේතු විය. පසුව උද්ඝෝෂණය හා විරෝධතා දැක් වූ පිරිස් විසින්ම මේ සඳහා පසුගිය මස දී එකඟත්වය පළාත් ප‍්‍රධාන ඇමැති එස්.එම්. රංජිත් සමරකෝන් මහතාට පළ කිරීමෙන් පසු කම්හල කඩිනමින් ඉදි කිරීමට රජයේ අවසරය හිමිවුණි.


    මේ අවස්ථාවට තන්තිරිමලය රාජමහා විහාරාධිපති තන්තිරිමලේ චන්‍ද්‍රරතන නාහිමි ඇතුළු මහා සංඝරත්නය, උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන්, නියෝජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්.බී. ඒකනායක, ම.නු.ප. ප‍්‍රාදේශීය සභාවේ සභාපති පී.බී.එන්. ජයසුන්දර, රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් දමයන්ති ජයරත්න, පුපුරණ ද්‍රව්‍ය නියෝජ්‍ය පාලක බන්දුල සේනාරත්න, උතුරු මැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන, නියෝජ්‍ය පොලිස්පති රංජිත් පද්මසිරි යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya