අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සබරගමු විශ්වවිද්‍යාලයේ කිසිදු ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිදු වෙලා නෑ - උපකුලපති

    අගෝස්තු 13, 2014

    සබරගමු විශ්වවිද්‍යාලයේ කිසිදු ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියාවක් හෝ ජාතිවාදී ප්‍රශ්නයක් සිදු ව නැති බවත් එය සම්පූර්ණයෙන්ම පුද්ගලික ප්‍රශ්නයක් මත සිදු වූ සිදුවීමක් පමණක් බවත් පසුගියදා සබරගමු විශ්වවිද්‍යාලයේ ඇති වූ සිදුවීමක් ගැන අවධානය යොමු කරමින් සබරගමු විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය පී. උඩවත්ත මහතා පැවසීය.



    සබරගමු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා භාෂා පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබන එස්. සුදර්ස් නැමැති දෙමළ සිසුවෙකු පසුගිය 03 වෙනිදා පාන්දර 03.30ට පමණ නේවාසිකාගාරයේ බැහැර වැසිකිළියට යමින් සිටියදී නන්නාඳුණන පුද්ගලයෙකු විසින් පහර දී ඇති බවත් එවෙලාවේ ම හැකි ඉක්මණින් ළඟ ම රෝහලට ඇතුල් කර පසුව බලංගොඩ රෝහලට මාරු කර යැවූ බවත් උප කුලපතිවරයා පවසයි.

     


    විශ්වවිද්‍යාලය, සමනළ වැව හා බලංගොඩ පොලීසි මඟින් ඉතා ඉක්මණින් මේ සිද්ධිය සම්බන්ධ විමර්ශන ආරම්භ කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම සිද්ධිය ත්‍රස්ත විමර්ශන ඒකකයට (TID) භාර කරන ලදී. එහිදී හෙළි වූ තොරතුරුවලට අනුව සබරගමු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා භාෂා පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලබන වයි. නිරෝජන් නමැති දෙමළ සිසුවා සමනළ වැව පොලීසියට කැඳවා ඇත. මෙම සිසුවා තම වර්ෂාර්ධ විභාගය අවසන් කර පසුගිය 05 වෙනිදා සමනළ වැව පොලිසීයේ පෙනී සිටි අතර පසුව කොළඹට රැගෙන ගොස් ප්‍රශ්න කර උසාවියට ඉදිරිපත් කිරීමට ප්‍රථම පසුගිය 08 වෙනිදා නිදහස් කර ඔහුගේ පියාට භාර දී ඇත.



    මෙම සිද්ධියේදී තුවාල ලත් සිසුවා තමන් විසින් ම තමන්ට තුවාල සිදු කරගෙන ඇතැයි සැක කරමින් එය තහවුරු කරගැනීම සඳහා සිසුවා රත්නපුර රෝහලේ කණිෂ්ඨ වෛද්‍ය නිලධාරියා (JMO) වෙත යොමු කර ඇත.  JMO වාර්තාව සමඟ වැඩිදුර විමර්ශනය සඳහා පොලිසිය විසින් ඔහුව ත්‍රස්ත විමර්ශන ඒකකය වෙත යොමු කරන ලදි.
     
     

    එහි ප්‍රශ්න කිරීම්වලදී මෙම සිසුවා තමන් විසින් තමන්ට ම හානි පමුණුවා ගත් බවත් එසේ කළේ සබරගමු විශ්වවිද්‍යාලයෙන් තමන්ගේ නිවසට සමීපයේ ඇති විශ්වවිද්‍යාලයකට මාරුවක් ලබා ගැනීම සඳහා බවත් පාපොච්චාරණය කළ බව ත්‍රස්ත විමර්ශන ඒකකය හා පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසින් විශ්වවිද්‍යාල කළමනාකාරිත්වය දැනුවත් කළ බව උප කුලපතිවරයා අනාවරණය කළේය.



    සබරගමු විශ්වවිද්‍යාලය ආරම්භයේ පටන් මේ දක්වා කිසිදු ජාතිවාදි ක්‍රියාවක් විශ්වවිද්‍යාලය තුළ වාර්තා වී නැති බව උප කුලපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය. මේ වන විට 500කට අධික දෙමළ සිසුන්ද 150කට අධික මුස්ලිම් සිසුන්ද විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන අතර 2000කට අධික දෙමළ සිසුන් පිරිසක් උපාධිය අවසන් කොට ඉවත්ව ගොස් ඇති බවත් ඔහු පැවසීය.

     


    මෙම සිද්ධිය විශ්වවිද්‍යාලයේ ඉගෙනිම් කටයුතුවලට බාධාවක් නො වූ බවත් සියලුම සිසුන් තමන්ගේ ඉගෙනුම් කටයුතුවල නියැළී සිටින බවත් මහාචාර්ය උඩවත්ත ප්‍රකාශ කරන ලදී.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya