අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක සිහිනය බොඳ වී තිබෙනවා

    අගෝස්තු 13, 2014

    ජනාධිපතිවරණයට විපක්‍ෂය පොදු අපේක්‍ෂකයෙකු සොයමින් සිටියත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජයග‍්‍රාහී නිල් ජන රැල්ල හමුවේ ජනාධිපතිතුමාට මුහුණ දෙන්න තරම් ශක්තියක් ඇති පොදු අපේක්‍ෂකයෙකු සොයාගත නොහැකිව විපක්‍ෂයේ අපේක්‍ෂක සිහිනය බොඳ වී ඇතැයි උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා පවසයි.


    අමාත්‍යවරයා එම අදහස් පළකර සිටියේ ඌව පළාත් සභා මැතිවරණ ජය තහවුරු කිරීම සඳහා මොනරාගල මැතිවරණ කොට්ඨශයේ බදුලුවෙල, පොකුණුගල, පඟුර, ඉලුක්ලන්ද, ගල්බොක්ක, අරාටුගස්වෙල, මීයන්නා ඔය, නාගොල්ල, පංගුව හා දැලිව යන ගම්මානවල පැවති ජනහමු අමතමිනි.


    එහිදි ප‍්‍රධාන අමාත්‍යවරයා මෙසේද කීය.

    යුද්ධය අවසන් කොට සාමය උදාකර දැවන්ත සංවර්ධනයක් කරා රට මෙහෙයවන ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා වෙනුවට විකල්ප රාජ්‍ය පාලකයෙකු ජනතාව සොයන්නේ නැත. තබන තබන හැම මැතිවරණයකදීම ජනතාව ජනාධිපතිතුමා හා රජයට අති විශිෂ්ට ජයග‍්‍රහණයක්  ලබා දීමෙන් ඒ බව ඔප්පු වෙනවා. මැතිවරණ විසි අටකදි අන්ත පරාජයක් ලැබු එ.ජා.ප.යට ඌව මැතිවරණයේදීද  එම ඉරණම අත්වීම වලක්වන්න බැහැ. විශේෂයෙන්ම පර සුද්දන්ට එරෙහිව අභීතව කඩුවට තුවක්කුවට ජීවිතය දුන් වීරෝධාර ඌවේ මුතුන්මිත්තන්ගේ ලේවලින් පැවත එන ඌවේ වත්මන් පරපුර රටට ද්‍රෝහි වන්නේ නැතැයිද උපන් බිම ප‍්‍රභාකරන්ට හා ජාත්‍යන්තරයට පාවා දුන් එ.ජා.ප.ය ප‍්‍රමුඛ විපක්‍ෂයට ඌව පළාත් සභා මැතිවරණයේදි අන්ත පරාජයට පත් කිරීමට ඌවේ ජනතාව සූදානමින් සිටින බව ද කීය.


    රටට ආදරය කරන රට ගොඩනගන රාජ්‍ය නායකයෙකු සිටින විට වෙනත් විකල්ප නායකයන් රටට අවශ්‍ය නැතැයි ද මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ දැවන්ත ප‍්‍රතිරූපය හමුවේ විපක්‍ෂ අපේක්‍ෂකයන් මී පැටවුන් ගණනට වැටී ඇති බව ද ප‍්‍රධාන අමාත්‍යවරයා කීය.


    උතුරු මැද, වයඹ, බස්නාහිර හා දකුණ පැවති පළාත් සභා මැතිවරණවලදී අන්ත පරාජයක් ලැබූ විපක්‍ෂයට ඌව පළාත් සභා මැතිවරණයේදී ද එම අන්ත පරාජය අත්වීම ඉර හඳ වගේ විශ්වාස බවද අමාත්‍යවරයා කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya