අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නියඟයෙන් පීඩාවට පත් යාපනය ජනතාවට පානීය ජලය

    අගෝස්තු 13, 2014
    දිවයිනේ බොහෝ පළාත්වල මෙන් ම යාපනය ජනතාව ද පවතින දැඩි නියඟය හේතුවෙන් දැඩිසේ පීඩාවට පත්ව ඇත. මෙසේ පීඩාවට පත් ජනතාවට පානීය ජලය ලබාදීමේ ව්‍යාපෘතියක් යුධ හමුදාව විසින් ආරම්භ කරනු ලැබ ඇත.
     
    ඒ අනුව ප්‍රසිද්ධ ස්ථානවල ස්ථාපිත ජල ටැංකි මගින් මෙන් ම ජල බවුසර් මගින් ද ජලය සැපයීමට පියවර ගෙන ඇත.
     
    දැනට ඉතාමත් දැඩි ලෙස පීඩාවට පත් වූ ප්‍රදේශවලට මෙසේ ජලය සැපයෙන අතර යාපනය ආරක‍ෂක සේනා ආඥාපතිවරයාගේ උපදෙස් මත හා සේනාංකාධිපතිවරුන්ගේ හා බලසේනාධිපතිවරුන්ගේ අධීක්ෂණය යටතේ අනෙකුත් ප්‍රදේශවලට ද අවශ්‍ය පරිදි මෙම වැඩසටහන ව්‍යාප්ත කිරීමට යුද හමුදාව බලාපොරොත්තු වේ.
     
    වර්ෂ දෙකකට පමණ ආසන්න කාලයක් අවශ්‍ය ප්‍රමාණයට වර්ෂාපතනය නොලැබීම හේතුවෙන් පානීය ජලය හා ගෙදර දොර කටයුතුවලට අවශ්‍ය ජලය ලබාගැනීම යාපනය වැසියන් හට දුෂ්කර කටයුත්තක්ව ඇත.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya