අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කටාන ජල සම්පාදන ව්‍යාපෘතිය වෙනුවෙන් අවබෝධතා ගිවිසුමක්

    අගෝස්තු 11, 2014
    කටාන ජල සම්පාදන ව්‍යාපෘතියේ පළමු අදියර ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් චීන ( China National Aero - Technology International Coperation) සමාගම සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමට රජය තීරණය කොට ඇත. මෙම ව්‍යාපෘතිය අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.
     
    ඒ අනුව මෙම ව්‍යාපෘතියෙහි පළමු අදියර ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් 35,500,000ක මුදල විදේශීය අරමුදල් හරහා ද ඉතිරි රුපියල් මිලියන 2, 031.01ක ප්‍රමාණය ශ්‍රී ලංකා රජය විසින් ද වැය කරනු ලබයි. 
     
    මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ බම්බුකුලිය, ඇවරිවත්ත හා තිඹිරිගස්කටුව යන් ස්ථානයන් හි ඝන මීටර් 2000ක ධාරිතාවෙන් යුත් ජල කුළුණු 3ක් ඉදිකිරීම, සම්ප්‍රේෂණ සහ බෙදාහැරීමේ ප්‍රධාන නල සපයා ඇතිරීම සහ පොම්ප සපයා ස්ථාපිත කිරීම සිදු කෙරේ. 
     
    කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 45හි ම ජනගහනයෙන් 50%ක් ආවරණය කරනු ලබන මෙම ව්‍යපෘතියේ පළමු අදියර රද්දොළුගම සහ බම්බුකුලිය ජල පවිත්‍රාගාරයන් හි පවතින අතිරික්ත ධාරිතාවන් සහ කැලණි දකුණු ඉවුර ව්‍යාපෘතියෙන් ලබාගත හැකි ජලය භාවිත කිරීමට හැකිවන පරිදි සැලසුම් කොට ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya