අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක තරුණ සමුළු මහලේකම් කාර්යාලය විවෘත කිරීම හෙට

    අගෝස්තු 11, 2014
    හම්බන්තොට පරිපාලන සංකීර්ණ භූමියේ ස්ථාපිත කොට ඇති ලෝක තරුණ සමුළු මහලේකම් කාර්යාලය හෙට (12) විවෘත කිරීමට නියමිතය.
     
    පොදුරාජ්‍ය මණ්ඩලයීය සමුළුවේ සභාපති ධුරය දරන ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් හෙට මෙම කාර්යාලය විවෘත කිරීමට නියමිතව ඇත.
     
    පොදුරාජ්‍ය මණ්ඩලයීය තරුණ සමුළුව මැයි මාසයේ ශ්‍රී ලංකාවේ දී පැවැත්විණි. එහිදී ලෝක තරුණ සමුළු මහලේකම් කාර්යාලයක් මෙරට ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් යෝජනා විය. එම යෝජනාවට අනුව මෙම මහලේකම් කාර්යාලය ස්ථාපිත කිරීමට කටයුතු කෙරිණි. 
     
    යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහත්වරු ප්‍රධාන තරුණ සමුළුවේ විධායක සාමාජිකයන් නවදෙනා ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගිවීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya