අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයෙන් අඩු ආදායම්ලාභී පවුල් සඳහා බයිසිකල්

    අගෝස්තු 12, 2014
    ශ්‍රී ලංකාව තුළ ජීවත්වන විවිධ ජාතීන් අතර සංහිදියාව වැඩිදියුණු කිරීමේ අරමුණ ඇතිව යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් කරගෙන යනු ලබන කාන්තා සවිබල ගැන්විමේ ව්‍යාපෘතිය යටතේ 552 බලසේනා ප්‍රදේශයේ සිටින අඩු ආදායම්ලාභී පවුල් 25ක කාන්තාවන් වෙත බයිසිකල් ලබාදීමේ උත්සවයක් පසුගියදා තලෙයිඅඩි රෝමානු කතෝලික දෙමළ මිශ්‍ර විද්‍යාලයේ දී පවත්වනු ලැබීය. මෙසේ බෙදා දෙනු ලැබූ එක් බයිසිකලයක වටිනාකම රුපියල් 13,500/-ක් පමණ වේ.
     
    මෙම අඩුආදායම්ලාභී පවුල්වල දරුවන් පාසැල් ඇරලවීම ආදී එදිනෙදා ප්‍රවාහන කටයුතු සඳහා මෙම බයිසිකල් තොගය බෙහෙවින් උපයෝගී වන අතර මේ සඳහා අනුග්‍රහය ලබාදි ඇත්තේ "ගුණ ජය සතුට පදනම" (Foundation of Goodness) මගිනි. පළමුවන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් ප්‍රියංග කුලතිලක හා පුණ්‍ය කටයුතු සඳහා වන ආයතනයක සභාපති කුසිල් ගුණසේකර මහතා විසින් මෙහි සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ලැබ ඇත.
     
    මෙම අවස්ථාව සඳහා ගුණ ජය සතුට පදනමේ ව්‍යාපෘති කළමනාකාර ෆෂාණා ඊබ්‍රාහිම්, 552 බලසේනාධිපති කර්නල් ප්‍රසන්න රණවක, තලෙයිඅඩි විදුහලේ විදුහල්පතිතුමා ඇතුළු ප්‍රදේශවාසිහු පිරිසක් සහභාගී වූහ.
     
    DB/ MOD
     
    20140811 05p3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya