අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ‍්‍රී ලාංකිකයින්ට වියට්නාමයේ රැකියා පුහුණුවට අවස්ථාවක්

    අගෝස්තු 08, 2014
    ආසියාවේ රටවල් අතර දියුණුවට පත්වෙමින් තිබෙන වියට්නාමය වැනි රටවල් සමඟ විදේශ රැකියා ක්ෂේත‍්‍රයට අදාළ ව පුහුණු හා රැකියා සඳහා ඉදිරියේදී දොරටු විවර වන බව  ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති අමල් සේනාලංකාධිකාර මහතා ප‍්‍රකාශ කළේය. 
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ‍්‍රී ලංකා වියට්නාම ව්‍යාපාරික මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි. එය අංක 05, නුවර පාර, කැලණිය යන ස්ථානයේ පිහිටා තිබේ. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ප‍්‍රකාශ කළේ වියට්නාමය ශ‍්‍රී ලංකාවේ සංවර්ධනය හා සැසඳීමේදී රටවල් දෙකම වේගයෙන් දියුණුව කරා යන බවය. 
     
    ශ‍්‍රී ලංකාව හා වියට්නාමය අතර ද්විපාර්ශ්වික වෙළෙඳ වර්ධනය 30% ඉක්මවන බවද එය ආසියාවේ රටවල් අතර එය ඉහළ ප‍්‍රවණතාවක් බව ද ප‍්‍රකාශ කළේය. එසේම ආසියාවේ රටවල් මේ වන විට ලොව අනෙකුත් රටවල් සමඟ සසඳනවිට වේගවත් සංවර්ධනයක් කරා ගමන් කරමින් තිබේ. චීනය, ඉන්දියාව, සිංගප්පූරුව වැනි රටවල් මේ වන විට ලෝකයේ ප‍්‍රධාන පෙළේ රටවල් අතර ඉහළම ස්ථානවලට පැමිණ ඇත. විශේෂයෙන් චීනය අද ආසියාවේ ආර්ථික බලවතා බවට පත් වී ඇති බවද ඒ මහතා ප්‍රකාශ කළේය. 
     
    ශ‍්‍රී ලංකාව මෙවැනි රටවල් සමඟ පවතින ආර්ථික සම්බන්ධතාවය වර්ධනය කිරීම නිසා මෙරට ආර්ථිකය ද සීග්‍ර වර්ධනයකට පැමිණ තිබේ. ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින් මෙවැන් රටවල වෘත්තීය පුහුණු අවස්ථා සඳහා  අවශ්‍ය කටයුතු යොදන බවද අමල් සේනාලංකාධිකාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය. මේ වන විට ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයන්ට වියට්නාමයේ සංචාරක, ඉදිකිරීම්, කෘෂි, ඇඟලුම් කර්මාන්ත ශාලා ආදී ක්ෂේත‍්‍රවල සේවය කරන බව ද ඔහු සඳහන් කළේය.
     
    මෙම අවස්ථාවට ප‍්‍රධාන අරාධිතයා වශයෙන්  සහභාගී වු  මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප‍්‍රකාශ කළේ ලෝකයේ ආර්ථික දියුණුවට වැඩිම දායකත්වය ලබා දෙන කාලාපය බවට තවත් වසර 20ක් ගත කිරීමට පෙර ආසියාව පත්වන බවය. 
     
    ආසියානු සංවර්ධන බැංකුවේ විශ්ලේෂණයන්ට අනුව වසර 2030 වන විට ලෝක ආර්ථිකයෙන් 50% ඉක්මවන මට්ටමේ දායකත්වයක් ආසියානු රටවලින් සැපයීමට හැකි වන බවට ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කොට ඇතැයි ද ඔහු  ප‍්‍රකාශ කළේය. ආසියානු ලෝක ආර්ථිකයේ වැඩි දායකත්වය හිමි කරගන්නා විට ශ‍්‍රී ලංකාව ද  එම රටවල් අතරින් ප‍්‍රමුඛ ආර්ථිකයක් හිමි කරගන්නා බව අජිත් නිවාඞ් කබ්රාල්  මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය. 
     
    ශ‍්‍රී ලංකාවේ වියට්නාම් තානාපති තොන් සින් තාන් මහතා ද මෙහිදී අදහස් දැක්වීය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ, ඒ.පී.එල්. සමූහයේ සභාපති අරුණ ලේකම්ගේ මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ. 
     
    DB
     
    IMG 3732
     
     
    IMG 3575

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya