අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014 ජූලි මාසයේ සංචාරකයින් පැමිණීමේ 25.2%ක වර්ධනයක්

    අගෝස්තු 07, 2014

    ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) විසින් නිකුත් කරන ලද දත්ත අනුව 2013 වසරට සාපේක්ෂව 2014 ජූලි මාසයේ ශ්‍රී ලංකාවට සංචාරකයින්ගේ පැමිණීම 25.2%ක් ලෙස වර්ධනයක් පෙන්නුම් කරයි.

     

    2013 ජූලි මාසයේ 107,061ක් වූ සංචාරකයින්ගේ මෙරටට පැමිණීම 2014 ජූලි  133,971ක වර්ධනයක් ලෙස SLTDA වාර්තා කරයි.

     

    2014 පළමු මාස 7 පුරා සංචාරකයින් 861,324ක් ලංකාවට පැමිණ තිබෙන අතර පසුගිය 2013 එම කාලසීමාවේ වාර්තා වූ 690,589ක සංචාරකයින් සංඛ්‍යාව හා සසදන විට එය 24.7%ක වර්ධනයකි.

     

    එම සංඛ්‍යාවෙන්, සංචාරකයින් 278,667ක් බටහිර යුරෝපයෙන් පැමිණ තිබීම සුවිශේෂී වන අතර එය පසුගිය අවුරුද්දට සාපේක්ෂව 15.6%ක වර්ධනයකි. මෙම අවුරුද්දේ ජූලි මාසයේ 54,857ක සංඛ්‍යාවක් බටහිර යුරෝපා ජාතීන් මෙරටට පැමිණ තිබෙන අතර එය 2013 ජූලි හා සසඳන විට 10.3%ක වර්ධනයක් බව SLTDA පවසයි.

     

    මෙම මුල් මාස 7 පුරා උතුරු ඇමරිකාවේ සිට පැමිණි සංචාරක සංඛ්‍යාව 42,822ක් වන අතර එය මුළු සංචාරක සංඛ්‍යාවෙන් 12.1%ක් වන අතර නැගෙනහිර යුරෝපයෙන් 92,903ක සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ තිබේ. නැගෙනහිර යුරෝපයෙන් පැමිණි සංචාරකයින් අතර රුසියාවෙන් 41,381ක සංඛ්‍යාවක් සිටින් අතර එය  72.0%ක ප්‍රමාණයක වර්ධනයකි.

     

    2014 ජූලි මාසයේ මැදපෙරදිග රටවලින් පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 5,998 ක් වන අතර මුල් මාස 7 පුරා 44,601ක සංචාරකයින් ප්‍රමාණයක් මැදපෙරදිගින් පැමිණ තිබෙන බවත් එය මේ අවුරුද්ද තුළ 14.0% වර්ධනයක් බව පෙන්වයි.

     

    2014 පළමු මාස 7 පුරා උතුරු ආසියාවෙන් 156,677 ක සංචාරකයින් ප්‍රමාණයක් දිවයිනට පැමිණ ඇති අතර එය 53.1% ක වර්ධනයකි. චීන ජාතික සංචාරකයින් 67,408 ක් ඒ අතර වේ. එය 144.2% ක ආකර්ෂණීය ඉහළ වර්ධනයක් පෙන්නුම් කරයි.

     

    දකුණු ආසියාවෙන් සංචාරකයින්ගේ පැමිණීම 19.5%කින් ඉහළ ගොස් ඇති අතර එය 2014 මුල් මාස 7ට 203,004ක සංචාරකයින් සංඛ්‍යාවකි. ඒ අතර ඉන්දියාවෙන් 133,515ක සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ ඇති බවත් එය 24.5%ක වර්ධනයක් පෙන්වන බවත් SLTDA පෙන්වා දේ.

     

    2014 මුල් මාස 6 පුරා ඔස්ට්‍රේලියාවෙන් 33,920ක් මෙරටට පැමිණ ඇති අතර එය 11.2%ක වර්ධනයක් පෙන්නුම් කරයි.

     

    2014 මුල් මාස 5ට ඇමරිකානු ඩොලර් මිලියන 901.8 ක ආදායමක් ශ්‍රී ලංකාව විසින් උපයා ඇත. එය 2013 මෙම කාල සීමාවට සාපේක්ෂව 35.8ක වර්ධනයක් බව SLTDA වැඩිදුරටත් පවසයි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya