අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නියඟයෙන් පීඩාවට පත් පොලොන්නරුවට සහන සැලසීමට ඉදිරිපත් වන්න

    අගෝස්තු 07, 2014
    නියඟයෙන් පීඩාවට පත් පුලතිසිපුර ජනතාවට සහන සැලසීමට ඉදිරිපත් වන ලෙස සියලු රටවැසියන්ගෙන්, ආයතනවලින් පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා ඉල්ලීමක් කරයි.


    දිගු කලක් තිස්සේ පොලොන්නරුව දිස්ත්‍රික්කයට බලපා ඇති නියඟය හේතුවෙන් බීමට සුදුසු ජලය හිඟවීමෙන් ග්‍රාම නිලධාරී වසම් 162ක පුරවැසියන් 178,390 දෙනෙක් දැඩි පීඩාවට පත්ව සිටිති. ජලය සැපයීමට නොහැකි ජල මූලාශ්‍ර සිඳීයමින් දිනෙන් දින උග්‍රවන නියඟය හමුවේ මේ අභියෝගයට මුහුණදීම උදෙසා පානීය ජලය නොමැතිකමින් අසරණව සිටින ජනතාව වෙනුවෙන් බවුසර් මඟින් ජලය ප්‍රවාහනය කරනු ඇත. රාජ්‍ය ආයතන මුල්කරගත් සහන සේවා රැසක් දැනටමත් ක්‍රියාත්මක කර ඇතත් නියඟයේ කුරිරු බව හමුවේ සම්පත් ප්‍රමාණවත් නොවන නිසා දිස්ත්‍රික් ලේකම්වරයා විසින් මේ ඉල්ලීම කරන ලදී.

     

    ජලය බෙදා හැරීමේදී ගම්වාසීන් වෙත ජලය ලබා දුන්නත් එය ගබඩා කර තැබීම සඳහා ඔවුන් විසින් භාවිත කරනු ලබන සාම්ප්‍රදායික මැටිකළ, මුට්ටි වැනි භාජන ශක්තිමත් නොවන නිසාත් ඒවායේ කට පළල නොවීම හා ධාරිතාව කුඩාවීම වැනි හේතු මත ජලය නිසි පරිදි ගබඩා කර ගත නොහැකිවීම මතු වී තිබෙන එක් ගැටලුවකි.

     

    ජලය ලබාගැනීමට උනුන් පරයා තරගයෙහි යෙදීම හේතුවෙන් විශාල පිරිසකට සහන සැලසීමට ඇති වටිනා කාලය නාස්තිවීම යන ගැටලුවත් මෙහිදී පැන නගින නිසා ගම් මට්ටමින් ලීටර් 1000ක ධාරිතාවයෙන් යුතු කල් පවතින දෙමුහුන් (HYBRID) වර්ගයේ ජල ටැංකි අවම වශයෙන් 05 බැගින් ස්ථාන ගත කොට ජලය සැපයීමෙන් බෙදාහැරීමේ පහසුව සලසා ගැනීම, සෑම පවුලකට ම ලීටර් 20 - 25 ධාරිතාවෙන් යුත් කට පළල් භාජන 01ක් හෝ 02 බැගින් සැපයීමෙන් සාම්ප්‍රදායික බඳුන් භාවිතයෙන් ඇති වන ජල නාස්තිය වළක්වා ගැනීමට යනාදිය ඉහත ගැටලුවලට විසඳුම් ලෙස අබේසිරි මහතා පෙන්වා දෙයි.

     

    NDH/WB/BG -dmu polonnaruwa

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya