අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උක් ගොවීන් සඳහා නියං සහනාධාර බෙදා දේ

    අගෝස්තු 07, 2014

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදේශකත්වයෙන් සෙවණගල ලංකා සීනි සමාගමේ උක් ගොවීන් සඳහා නියං සහනාධාර බෙදා දීම හෙට (08) සීනි කර්මාන්ත සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය.

    මෙහි පළමු බෙදාදිම පෙ.ව 9.00 සිට පෙ.ව 11.00 දක්වා 2 වන කලාපයට අයත් කේන්ද්‍රීය වගාව, ආනන්දගම, සමනළගම හා වාසනාගම උක් ගොවි මහත්ම මහත්මින් 650 ක් වෙත ආනන්දගම පෙර පාසලේදී සිදුකිරීමට නියමිතය.

     

    දෙවන බෙදාදීම කලාප 01ට අයත් කොවුල්ආර, කොවුල් ආර දකුණ, උස්වැලි ආර හා කටුපිලගම උක් ගොවි මහත්ම මහත්මීන් 500ක් වෙත පෙ.ව 11.30 සිට ප.ව 1.30 දක්වා කොට්ඨාස 01 කාර්යාලය අසලදී සිදුකිරීමට නියමිතය.

     

    තෙවන බෙදාදීම කලාප 03ට අයත් සම්පත්ගම, මයුරාගම, උඩමවු ආර හා නෙළුම්සිරි ගම උක් ගොවි මහත්ම මහත්මීන් 444ක් වෙත ප.ව. 4.00 සිට ප.ව. 6.00 දක්වා මයුරාගම ක්‍රීඩාපිටියේදී නියං සහනාධාර බෙදාහැරීමට නියමිතය.

    MAP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya