අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සබරගමුවේ ආගමික මධ්‍යස්ථාන සංවර්ධන වැඩපිළිවෙළක්

    අගෝස්තු 07, 2014
    දිවිනැගුම සමාජ ආර්ථික සංස්කෘතික වැඩසටහනට ඇතුළත් ආධ්‍යාත්මික සංවර්ධන සඳහා ආගමික මධ්‍යස්ථාන සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළට සබරගමු පළාත් සභාව දායකත්වය ලබාදේ.
     
    මෙම වැඩපිළිවෙළ යටතේ ගලිගමුව මැතිවරණ කොට්ඨාසයේ වේරගොඩ පුරාණ ගල්ලෙන් විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කළ විහාර මන්දිරය පසුගිය දා කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා අතින් සඝ සතුකොට පූජා කෙරිණි.
     
    වළගම්බා අතීතය තෙක් දිවෙන මෙම පුරාණ විහාරස්ථානයේ ධර්ම ශාලා ගොඩනැගිල්ල ඇතුළු පෞරාණික ගොඩනැගිලි අබලං තත්ත්වයක පැවති අතර ගම්වාසීන්ගේ ආගමික කටයුතු සඳහා සුදුසු බුදු මැදුරක අවශ්‍යතාව ගම්වාසීන් සබරගමු මහ ඇමති මහීපාල හේරත් මහතාගේ අවධානයට යොමුකර තිබිණි.
     
    එහි ප්‍රතිඵලයක් වශයෙන් නව විහාරස්ථානයක් ඉදිකිරීම සඳහා පළාත් සභාව රුපියල් පන්ලක්ෂයක මූල්‍යාධාර ලබාදී තිබිණි.
     
    එම ගල්ලෙන් විහාරස්ථානය ආසන්න හත්නාගොඩ - පුවක්ගහමඩිත්ත දුෂ්කර මාර්ගය සංවර්ධනය කිරීමෙන් අනතුරුව ජනතා අයිතියට පැවරීම පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා අතින් සිදු විය. ඒ සඳහා පළාත් සභාව වැය කර ඇති මුදල රුපියල් දෙලක්ෂයකි.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya