මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කර්මාන්ත සඳහා අතිරේක විදුලිය සැපයුම වෙනුවෙන් කඩිනම් ක්‍රියාමාර්ග

    අගෝස්තු 07, 2014
    රට පුරා ආරම්භ වී ඇති සුළු හා මධ්‍ය පරිමාණ මෙන්ම මහා පරිමාණ කර්මාන්ත ශාලා සඳහා අතිරේක විදුලිය සැපයුම වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විදුලිබල මණ්ඩලයේ නිලධාරින්ට උපදෙස් ලබා දී ඇත.
     
    පසුගිය දින පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති විදුලිබල අමාත්‍යංශයේ උපදේශක කාරක සභා රැස්වීමේදී අමාත්‍යවරිය මෙම උපදෙස් ලබා දුන්නාය.
     
    විෂයභාර අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති විදුලිබල අමාත්‍යංශ උපදේශක කාරක සභාවේ දී, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද විදුලි ගැටලු පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරිණි. මෙහිදී විශේෂයෙන් සාකච්ඡාවට ගැනුණේ, දිවයිනේ ඇතැම් ප්‍රදේශවල නිරන්තරයෙන් සිදුවන්නාවූ අඩු වෝල්ටීයතා ගැටලුවයි. 
     
    එසේ අඩු වෝල්ටීයතාවට විසඳුමක් ලෙස විදුලි ට්‍රාන්ස්ෆෝමර් යොදා, අවශ්‍ය විදුලිය සැපයුම ඉහළ දැමීම කෙරෙහි අවධානය යොමු කෙරිණ.
     
    එමෙන්ම ගත වූ වසර කිහිපය තුළ දිවයිනේ කුඩා හා මධ්‍ය පරිමාණ මෙන්ම මහා පරිමාණ කර්මාන්ත අංශයේ වර්ධනයක් සිදු වි ඇති බැවින් විදුලිය ඉල්ලුමද ඉහළ ගොස් ඇති බවට අනාවරණය විය.
     
    ඒ අනුව ඊට සරිලන විදුලිය සැපයුම, වඩා කාර්යක්ෂමව ලබාදෙන ලෙස, අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්.බී. ගනේගල මහතාටත්, සාමාන්‍යාධිකාරි ශවීන්ද්‍රනාත් ප්‍රනාන්දු මහතාට සහ පළාත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරුන්ටත් උපදෙස් දුන්නාය.
     
    දැනට 97% වන මෙරට විදුලියනය, 2014 වසර අවසන් වනවිට 100% දක්වා ගෙන ඒමේ වැඩපිළිවෙළ වේගවත් කිරිම සඳහා සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙසද අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය නිලධාරින්ට උපදෙස් දුන්නාය.
     
    විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ උපදේශක කාරක සභා රැස්වීමට, අමාත්‍යංශ ලේකම් එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා ද සහභාගි වී සිටියේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya