මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආයුර් එක්ස් (Ayur Ex-2024) ජාත්‍යන්තර පර්යේෂණ එළිදැක්වීමේ තෙදින සම්මන්ත්‍රණය කොළඹ දී ඇරඹේ

    මැයි 04, 2024

    දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය ජාත්‍යන්තරයට රැගෙන යන ආයුර් එක්ස් (Ayur Ex - 2024) ජාත්‍යන්තර පර්යේෂණ එළිදැක්වීමේ තෙදින සම්මන්ත්‍රණයේ සමාරම්භය ඊයේ(03)  පස්වරුවේ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, අධ්‍යපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත්, දේශීය වෛද්‍ය රාජ්‍ය  අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි යන අමාත්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් කොළඹ විශ්ව විද්‍යාලීය වෛද්‍ය පීඨයේ UCFM Tower ප්‍රධාන ශ්‍රවණාගාරයේදී  පැවැත්විණි.

    දේශීය වෛද්‍ය රාජ්‍ය  අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ සංකල්පයකට අනූව මෙම සම්මන්ත්‍රණය අද , හෙට සහ අනිද්දා (03-04-05) යන දිනයන්හිදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. මෙවර මෙම ජාත්‍යන්තර පර්යේෂණ එළිදැක්වීමේ සම්මන්ත්‍රණය පවත්වන්නේ දෙවෙනි වරටය.

    දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය, ආයුර්වේද දෙපාර්තමේන්තුව, කැළණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන අංශය, ඒකාබද්ධව සංවිධානය කරන මෙම ජාත්‍යන්තර පර්යේෂණ එළිදැක්වීමේ තෙදින සම්මන්ත්‍රණයේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබදව පර්යේෂකයින්, ශිෂ්‍යයින් සිදු කල පර්යේෂණ පත්‍රිකා ඇතුලු ජාත්‍යන්තරව දේශීය වෛද්‍ය ක්‍රම පිළිබදව සිදු කළ පර්යේෂණ 270 කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.

    අද දින සමාරම්භක සැසියේ ප්‍රධාන දේශණය Director General Central Council For Research in Ayurvedic Sciences (CCRAS), India – Prof Vaidya Rabinarayan Acharya මහතා විසින් සිදුකරන ලදී.

    දෙවන වරට පවත්වන මෙම  දේශීය වෛද්‍ය ක්‍රමය ගෝලීයව ප්‍රචලිත කිරීම උදෙසා තෝතැන්නක් වන මෙම ආයුර් එක්ස් (Ayur Ex) ජාත්‍යන්තර පර්යේෂණ එළිදැක්වීමේ සම්මන්ත්‍රණය ජාත්‍යන්තර පර්යේෂණ එළිදැක්වීම ගෝලීයව දේශීය වෛද්‍ය ක්‍රමයන්හි දැනුම් හුවමාරු කිරීමේ ගෝලීය වේදිකාවක් වනු ඇතැයි ද පසුගිය කොවිඩ් සමයේදී එය පාලනය කිරීමට දේශීය වෛද්‍ය ක්‍රමය මගින් විශාල පිටුවහලක් වුන බවද  සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මෙහිදී පැවසීය.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, ආයුර්වේද දෙපාර්තුමේන්තුවේ ආයුර්වේද කොමසාරිස් ජනරාල්  ධම්මික අබේගුණවර්ධණ, කැළණිය විශ්ව විද්‍යාලයේ උප කුළපති ජේෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා, කොළඹ  විශ්ව විද්‍යාලයේ උප කුළපති ජේෂ්ඨ මහාචාර්ය එච්.ඩී.කරුණාරත්න, කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පිඨාධිපති මහාචාර්ය වජිර දිසානායක, ඉන්දියාවේ ආයුර්වේද ක්ෂේත්‍රයට සම්භන්ධ මහාචාර්යවරු, ආචාර්යවරු, ඇතුලු විද්වතුන් පිරිසක්ද, මෙරට ආයුර්වේද ක්ෂේත්‍රයට සම්භන්ධ මහාචාර්යවරු, ආචාර්යවරු, ඇතුලු විද්වතුන් පිරිසක්ද සහභාගි  වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya