මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධ්‍යාපන අමාත්‍යාංශයේ පරිගණක නඩත්තු කිරීමේ වැඩසටහනක් පොලොන්නරුවේ

    අගෝස්තු 07, 2014

    අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව මඟින් 2007 වර්ෂයේදී ස්ථාපිත කරන ලද දෘඪාංග හා ජාලකරණ විසඳුම් සංචිතයේ ගුරුභවතුන් යොදවා ගනිමින් ක්‍රියාත්මක කරනු ලබන දිස්ත්‍රික් මට්ටමේ වාර්ෂික පරිගණක නඩත්තු කිරීමේ ජාතික වැඩසටහනේ 2014 වර්ෂය සඳහා වන වැඩසටහන් මාලාවේ අද (07) හා හෙට (08) වැඩසටහන පොලොන්නරුව තෝපාවැව මහා විද්‍යාලයේ දී පැවැත්වේ.


    පසුගිය 03 වැනි දින උතුරු පළාතේ වවුනියාව ශ්‍රී සුමන සිංහල විද්‍යාලයෙන් මේ වැඩසටහන ආරම්භ කෙරිණි. මෙම වැඩසටහන උතුරු පළාතේ වවුනියා දිස්ත්‍රික්කයෙන් ආරම්භ කර ලබන අගෝස්තු 28 දින හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අවසන් කිරීමට නියමිත ය. 


    2010 වර්ෂයේදී නිකුත් කරන ලද අංක 2010/23 දරන චක්‍රලේඛය අනුව 2010 සිට 2013 දක්වා වර්ෂවල මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි. එහිදී පිළිවෙළින් රුපියල් මිලියන 19.97ක්, රුපියල් මිලියන 16.54ක්, රුපියල් මිලියන 09ක් හා රුපියල් මිලියන 08ක් වශයෙන් මුදල් ඉතුරු කර ගැනීමට රජයට හැකි විය. 

    ඒ අනුව 2014ට අදාළ වූ ජාතික වැඩසටහන චක්‍රලේඛයේ සඳහන් කර ඇති පරිදි තොරතුරු හා සන්නිවේදන ශාඛාව මඟින් සම්බන්ධීකරණය කරනු ලැබේ. ඒ සඳහා මෙම ශාඛාවෙන්, මේ විෂයභාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ එම්.වී.ටී. මලින්ද, සංවර්ධන නිලධාරී ඒ.එම්.ඒ.ඊ. අතපත්තු යන මහත්වරුන් සහ දෘඪාංග හා ජාලකරණ විසඳුම් කණ්ඩායමේ හා පරිගණක ඉලෙක්ට්‍රොනික කණ්ඩායමේ විශේෂඥ ගුරුභවතුන් තිදෙනකු ද මීට සහභාගී වේ.    

    අගෝස්තු 10,11 දෙදින දෙහිඅත්තකණ්ඩිය හා මහඔය පරිගනක සම්පත් මධ්‍යස්ථානවල ද අගෝස්තු 12 දින කල්මුණේ පරිගනක සම්පත් මධ්‍යස්ථානයේ ද අගෝස්තු 13 දින මඩකළපුව හින්දු විද්‍යාලයේ ද අගෝස්තු 14 හා 15 දෙදින ත්‍රිකුණාමලය පළාත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ මධ්‍යස්ථානයේ ද මේ වැඩසටහන පැවැත්වීමට කටයුතු සම්පාදනය කර ඇත. 

    දකුණු පළාතේ පළාත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ මධ්‍යස්ථානයේ අගෝස්තු 25 දින ද මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ අගෝස්තු 26 දින ද හම්බන්තොට ශාන්ත මේරි විද්‍යාලයේ අගෝස්තු 27 හා 28 දෙදින ද මෙම වැඩසටහන පැවැත්වීමට නියමිතය.   

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya