මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බදුල්ල ජංගම සේවා 347කින් ජනතා ගැටලු 65,000කට විසඳුම්

    අගෝස්තු 05, 2014
    ගමේ ජනතාවගේ නොවිසුනු ප්‍රශ්න විසඳීම සඳහා "ගමකින් ගමකට ගෙයකින් ගෙයකට" ජාතික වැඩසටහන යටතේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ පැවැත්වෙන ජංගම ප්‍රජා සත්කාර සේවා 567න් ජංගම සේවා 347ක් මේ දක්වා පවත්වා ඇති අතර ඉතිරි සියලු ජංගම සේවා ඉදිරි සති 6 තුළ මුළුමනින්ම නිමාවට පත්කිරීමට කටයුතු යොදා ඇත.
     
    බදුල්ල දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස 09කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15ක පැතිර ඇති ග්‍රාම සේවා වසම් 567ක ජීවත්වන පවුල් 239,463කට අයත් 811,758ක ජනතාවගේ අවශ්‍යතා ඍජුවම හඳුනාගෙන ඒවාට කඩිනම් විසදුම් ලබාදීමේ අපේක්ෂාවෙන් පවත්වනු ලබන මෙම ජංගම සේවා වැඩසටහන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මෙයෙහවීමෙන් පැවැත්වේ.
     
    අගෝස්තු 04වැනිදා දක්වා පැවති මෙවැනි ජංගම සේවා 347ක් සඳහා ගම්වාසීන් 132,694ක් ද, මහජන නියෝජිතයින් 546ක් ද, ප්‍රජා සංවිධාන 2,973ක් ද, රාජ්‍ය නොවන සංවිධාන 54ක් ද, පෞද්ගලික ව්‍යවසායකයින් 317ක් ද සහභාගිවී ඇත. ගැටලු විසඳීම සඳහා දායකත්වය දැක්වූ රජයේ අමාත්‍යංශ 35ක් නියෝජනය කරමින් සහභාගි වූ රජ්‍ය නිලධාරින් සංඛ්‍යාව 25,953කි.
     
    බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගනය ආසනයේ රිදිමාලියද්ද අළුකෙටියාය සහ බතලයාය පාසැල්වල ඊයේ (04) පැවති ජංගම සේවා සඳහා ද ඉහළම ප්‍රතිචාරයක් ලැබී තිබේ. මෙම ජංගම සේවාවල ඉහළ සාර්ථකත්වය හේතුවෙන් රත්නපුර, ගාල්ල, මාතර, හම්බන්තොට යන දිස්ත්‍රික්කයන්හි දී ද මේ අනුව ජංගම සේවා මෙම වසර තුළ පැවැත්වීමට රජය තීරණය කර තිබේ.
     
    ඉකුත් දිනවල බදුල්ල දිස්ත්‍රික්කයේ පැවති ජංගම සේවාවන්හි  දී උප්පැන්න, විවාහ, මරණ සහතික, හැදුනුම්පත්, විදේශ ගමන් බලපත්‍ර වැනි ගමන් බලපත්‍ර, ඇස් කණ්ණාඩි, අත්වාරු, රෝද පුටු වැනි ඉල්ලීම් ද ඉඩම්, නිවාස, සෞඛ්‍ය, කෘෂිකර්ම, ධීවර, සත්ත්ව පාලනය වශයෙන් ගැටලු ඉදිරිපත් වූ අතර ඉන් බොහෝමයකට එම මොහොතේදීම විසඳුම් ලැබුණු බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් රෝහණ දිසානායක මහතා පැවසීය.
     
    මෙම ජංගම සේවාවල ක්‍රියාත්මක වූ සෞඛ්‍ය සායන, මාතෘ සහ ළමා පෝෂණ වැඩසටහන්, ආහාර සැකසීම, රූපලාවන්‍ය වැඩසටහන්, මත්ද්‍රව්‍ය නිවාරණ, ශ්‍රමදාන, ආගමික සහ පරිසර වැඩසටහන්වලටද ජනතා ප්‍රතිචාරය ඉහළින්ම ලැබී තිබිණ.
     
    DB
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya