මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධ්‍යාපනයේ ප්‍රවර්ධනය සඳහා සම්මන්ත්‍රණයක් මඩකළපුවේදී

    අගෝස්තු 05, 2014

    අධ්‍යාපනයේ ප්‍රවර්ධනය සඳහා එක්දින සම්මන්ත්‍රණයක් අද (05) මඩකළපු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණ.

     

    මඩකළපු දිස්ත්‍රික් ලේකම් පී.එස්.එම්. චාර්ල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම සම්මන්ත්‍රණය පැවැත්විය. මඩකළපු සහකාර දිස්ත්‍රික් ලේකම් එස්. ගිරිධරන්, දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරු, අධ්‍යාපන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂකවරු හා නිලධාරීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.

     

     

    අධ්‍යාපනයේ ප්‍රවර්ධනය පිළිබඳව හා අතරමග අධ්‍යාපනය හැර දමන දරුවන් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණ. විවිධ හේතූන් මත අතරමග අධ්‍යාපනය හැර දමන දරුවන් පිළිබඳ ගැටලුවට විසඳුම් සෙවීම මෙම සම්මන්ත්‍රණයේ විශේෂ අපේක්ෂාවක් විය.

     

     

    දිස්ත්‍රික්කයේ අධ්‍යාපනය සංවර්ධනය සඳහා තවත් බොහෝ මාතෘකා පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ අතර එහිදී ගනු ලැබූ තීරණ හා විසඳුම් අධ්‍යාපනයේ හෙට දවස සඳහා යොදා ගන්නට අපේක්ෂා කෙරේ.

     

     

    SDF

    seminar 2seminar 3seminar 6

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya