මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මඩකළපුවට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයක් ඉදිකිරීමට සාකච්ඡා

    අගෝස්තු 05, 2014
    මඩකළපුව නගරයේ නව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයක් ඉදිකිරීම පිළිබඳ සාකච්ඡා කිරීමට ඊයේ (04) විශේෂ රැස්වීමක් පැවැත්වුණි.
     
     
    මෙම සාකච්ඡාව මඩකළපු දිස්ත්‍රික් ලේකම් පී.එස්.එම්. චාර්ල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මඩකළපු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණ. සාකච්ඡාව අවසානයේ මඩකළපු දිස්ත්‍රික් ලේකම්තුමිය ඇතුළු පිරිස කාර්යාල ගොඩනැගිල්ල ඉදිකිරීමට තෝරාගෙන ඇති තිරයිමඩු ග්‍රාමයේ ඉඩම නිරීක්ෂණය කිරීමටද ගියහ.
     
     
    රජයේ අනුමැතිය ලැබීමත් සමඟ මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම ආරම්භ කිරීමට මෙහිදී සාකච්ඡා කෙරිණ. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශ ජ්‍යේෂ්ඨ සහකාර ලේකම් එම්.සී. ගම්මන්පිල, ව්‍යාපෘති ප්‍රධාන ඉංජිනේරු එස්.එම්. මඩවල, සැලසුම් ඉංජිනේරු යූ. පෙරේරා ඇතුළු පිරිසක් මීට එක් වූහ.
     
    SDF
    BattiNew sec buil-3
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya