මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආභරණ නිර්මාණය කිරීමේ පුහුණුවක් නුවරඑළියේදී

    අගෝස්තු 05, 2014
    මධ්‍යම පළාත් වනිතා කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් කාන්තා වෘත්තිකයන්ගේ වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් ලෙස ආභරණ නිර්මාණය කිරීමේ පුහුණු වැඩසටහනක් මේ දිනවල නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වේ. 


    නව ස්වයංරැකියා අවස්ථාවක් ලෙස පුහුණු කරනු ලබන මේ වැඩසටහන නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වනිතා කටයුතු ඒකකයේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක කෙරේ. මෙම පුහුණු වැඩසටහන දින 10ක් තුළ අදියර 10ක් යටතේ ක්‍රියාත්මක පැවැත්වේ.  අද (05) දින මෙහි තෙවන අදියර පැවැත්වේ.

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ කාන්තා සමිති 20කට ආසන්න ප්‍රමාණයක් නියෝජනය කරමින් කාන්තාවන් 40කට ආසන්න ප්‍රමාණයක් මෙම පුහුණු වැඩසටහන සඳහා සහභාගී වී සිටිති. ඒ අනුව ඔවුන්ට මාල, කරාබු, අත් පළඳනා , විවිධ උත්සව පළඳනා සහ මැහුම්ගෙතුම් පිළිබඳව ප්‍රායෝගික පුහුණුවක් ලබා දීම සිදු කරන අතර මේ සඳහා උපදේශන සේවාවන් ද සිදු කරයි. ලබන මස දී මෙම ස්වයං නිර්මාණකරුවන් ඇගයීම සඳහා ප්‍රාදේශීය මට්ටමේ ප්‍රදර්ශනයක් ද සංවිධානය කිරීමට නියමිතය.

    NDH/SH-dmu nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya