මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලොන්නරුවට පානීය ජලය සැපයීමට ජල බවුසර් 25ක්

    අගෝස්තු 06, 2014

    නියං කාලගුණය හේතුවෙන් විපතට පත් ‍පොලොන්නරුවේ ලක්ෂයක් පමණ ජනතාවට පානීය ජලය සැපයීමට ජල බවුසර් 25ක් යොදවා තිබෙන අතර අවශ්‍යතාව සලකා ජලය සැපයීම සඳහා කුලී පදනම මත බවුසර් ලබාගන්නා ලෙස ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත උපදෙස් ලබාදීමට පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා කටයුතු කර ඇත.


    ලීටර් 1000 ජල ටැංකි 350ක් මේ වන විට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 07 සඳහා සපයා දී තිබේ. බවුසර් මඟින් බෙදාහරිනු ලබන පානීය ජලය පොලොන්නරුව ගල්ලෑල්ල ජල සම්පාදන මණ්ඩලයේ ප්‍රධාන ජල ව්‍යාපෘතිය මඟින් හා ප්‍රාදේශීය සභාවල ජල පොම්පාගාර මඟින් බෙදා හරිනු ඇත. මෙසේ ලබා දෙන ජලය, ජල සම්පාදන මණ්ඩලය මඟින් පානය සඳහා සුදුසු බවට නිර්දේශ කර තිබේ.

    ගම්වල ඉදිකර තිබෙන වැසි ජල ටැංකි සහ ප්‍රයෝජනයට නොගන්නා නළ ළිං යථාපරිදි සකස් කිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමටත් මිනිස් ශ්‍රමය උපයෝගී කර ගෙන පිළිසකර කළ හැකි කුඩා වැව් සකස් කිරීමටත් ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා පියවර ගෙන ඇත.

    මහවැලි බී හා සී කලාපවල කුඹුරුවලට මාදුරු ඔය ජලාශයෙන් ජලය නිකුත් කිරීම මේ මස 10 දින අවසන් කිරීමට පැවතිය ද ජල මූලාශ්‍ර ආරක්ෂා කර ගැනීම සඳහා මේ මස අවසන් වන තෙක් ජලය නොකඩවා නිකුත් කිරීමට ද තීරණය කොට ඇතැයි දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය.

    සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුග්‍රහය යටතේ ලීටර් 100 ජල බූලි 1000ක් පමණත් මාධ්‍ය ආයතන හා පරිත්‍යාගශීලීන් රැසකගේ දායකත්වයෙන් තවත් ජල ටැංකි ප්‍රමාණයකුත් ලැබී ඇත. ඒවා මේ වන විට ජනතාව අතර බෙදාදීමට කටයුතු කරමින් පවතින බව ද ඊයේ (05) පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති නියඟය පිළිබඳ විශේෂ සාකච්ඡාවේදී අබේසිරි මහතා ප්‍රකාශ කළේය.

    NDH/WK-BG_dmu_polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya