මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රන්දෝලි පෙරහර පැවැත්වෙන කාලසීමාවේදී විශේෂ ප්‍රවාහන සේවයක්

    අගෝස්තු 06, 2014
    මෙවර ඇසළ පෙරහරේ රන්දෝලි පෙරහර ආරම්භ වන අද (06) දින සිට විශේෂ ප්‍රවාහන සහ ආරක්ෂක සේවයක් සැපයීමට ප්‍රවාහන ක්ෂේත්‍රයේ බලධාරීන් සහ පොලිසිය කටයුතු යොදා තිබේ.

    ඒ අනුව මහනුවර බස් සමාඟම මඟින් ‍ඇසළ පෙරහර නිමිතිකොට ගෙන විශේෂ බස්රථ 350ක් පමණ ධාවනය කිරීමට සැලසුම් කොට තිබේ. මහනුවර දිස්ත්‍රික්කය තුළ මෙන් ම දුරගමන් සේවාවන්ද ඒ අතර යොදවා තිබෙන බව පැවසූ මහනුවර බස් සමාගමේ ප්‍රාදේශීය කළමනාකරු එල්.එච්.බී. ප්‍රියදර්ශන මහතා අවශ්‍යතාව මත තවත් අමතර බස්රථ ද ධාවනය කිරීමට සැලසුම් කොට ඇති බව පැවසීය. 

    ඒ සඳහා මහනුවර උතුර, මහනුවර දකුණ, යටිනුවර, වත්තේගම, තෙල්දෙනිය සහ උඩුදුම්බර යන සෑම බස් ඩිපෝවක්ම සම්බන්ධ කර ගෙන ඇති බව ද ඔහු පැවසුවේය.  ඒ නිසා අත්‍යවශ්‍ය රාජකාරී මත සේවකයන්ගේ සාමාන්‍ය නිවාඩු අවලංගු කොට ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

    මධ්‍යම පළාත් ප්‍රවාහන අමාත්‍යංශයද මෙවර රන්දෝලි පෙරහර සමය වෙනුවෙන් වි‍ශේෂ බස් සේවාවක් ලබා දෙන අතර ඔවුන් පුද්ගලික බස්රථ 400ක් පමණ ධාවනය කිරීමට සැලසුම් කොට ඇති බව එහි සභාපති අනෝමා එස්. පොල්වත්ත මහත්මිය පැවසුවාය. මීට අමතරව පෙරහර සංවිධායක කමිටුව මඟින් කරන ලද ඉල්ලීම් අනුව අවශ්‍ය ප්‍රතිචාර දැක්වීමට සූදානමින් සිටින බවද පොල්වත්ත මහත්මිය පෙන්වා දෙන ලදී.

    දුම්රිය දෙපාර්තමේන්තුව කොළඹ මහනුවර මාර්ගයේ යොදවා ඇති විශේෂ අන්තර් ශීඝ්‍රගාමී දුම්රිය දෙකත් සමඟ කොළඹ නුවර මාර්ගයේ විශේෂ දුම්රිය 5ක් ධාවනය සදහා යොදවා තිබේ. මහනුවර ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති බී.ටී. වර්ණසූරිය මහතා පැවසුවේ මහනුවර සිට මාතලේ දක්වාද විශේෂ දුම්රියක්, දුම්රිය ගමන් වාර 07ක් වෙනුවෙන් යොදවා ඇති බවයි.

    මෙවර පෙරහර නැරඹීමට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මහනුවර ජ්‍යෙෂ්ඨ නියේජ්‍ය පොලිස්පති එච්.එන්.බී. අඹන්වල මහතාගේ මැදිහත්වීමෙන් පොලිස් නිලධාරීන් 300ක් සේවයේ යොදවා තිබේ. 

    NDH/TA-dmu kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya