මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නියඟයෙන් පීඩාවට පත්වුවන්ට "මනුසත් දෙරණින්" ජල ටැංකි

    අගෝස්තු 05, 2014
    නියඟය නිසා පීඩාවට පත් ජනතාවට අවශ්‍ය පානීය ජලය සැපයීම සඳහා ලීටර් 1000ජල ටැංකි 100ක් "මනුසත් දෙරණ" මාධ්‍ය සද්කාර්යයක් ලෙස ලබාදීමට කටයුතු කොට ඇත.
     
    එම ජල ටැංකි අද (05) පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත සහ ප්‍රාදේශීය සභා සභාපතිවරුන් වෙත ලබාදීමට කටයුතු කෙරිණි.
     
    මේ අනුව අද දින වැලිකන්ද, දිඹුලාගල, ලංකාපුර, ඇළහැර, හිඟුරක්ගොඩ, තමන්කඩුව සහ මැදිරිගිරිය යන ප්‍රාදේශීය ලේකම්වරුන්ට හා ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ට අදාළ ටැංකි ලබාදීමට කටයුතු කෙරිණි.
     
    DB/ KA - dmu polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya