මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යටිතල පහසුකම් සංවර්ධනයේ විශාල ප්‍රගතියක්

    අගෝස්තු 05, 2014
    වසර 30ක් පුරා පැවැති කුරිරු ත්‍රස්තවාදය නිමා කිරීමෙන් අනතුරුව යටිතල පහසුකම් සංවර්ධනයේ විශාල ප්‍රගතියක් අත්පත් කරගෙන ඇති බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.
     
    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කොළඹ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් 500ක් සඳහා රුපියල් මිලියන 102ක් වටිනා ජනසෙවණ "විසිරි නිවාස" මූල්‍යාධාර හිමිකම්පත් ප්‍රදානය කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි. මෙම උත්සවය ඊයේ (04) දින මාලබේ පිහිටි කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.
     
    "ත්‍රස්තවාදය පැවැති කාලයේ දී රටේ ජනතාව බඩ ගින්නෙන්, යුද ගින්නෙන් හා මර ගින්නෙන් හිඳිමින් ජීවත්වුණා. රටේ හැම තැනම විවිධ ගිනි ඇවිලිලා තිබුණේ. වසර තිහක් පුරාවට තිබුණු අඳුරු හා අවාසනාවන්ත යුද්ධය කියන විපතින් අපේ රට අද ගොඩ ඇවිල්ලා තියෙනවා. ඒ විපතින් ගොඩට ආවා වගේම තව විපත් ඇතිකර ගන්නේ නැතිව අපේ ජන සමාජය ඉදිරිපිට තියෙන ගැටලු  විසඳා ගනිමින්,  රටක් ලෙස ඉදිරියට යන ක්‍රමය නිර්මාණය කර ගන්නේ නැත්නම් ලෝකයේ බොහෝ රටවල් මුහුණ දී සිටින විනාශකාරී යුධමය ඉරණම්වලට නැවත වතාවක් අපේ රටට මුහුණ දෙන්න සිදුවෙන එක වළක්වන්න බැහැ".
     
    "බටහිර ලෝකයට අවශ්‍ය වෙලා තියෙන්නේ අපේ වගේ රටවල අභ්‍යන්තර ප්‍රශ්න දඩමීමා කරගෙන අවාසනාවන්ත තත්ත්වයකට එම රටවල් පත්කරන්න. ජන කොටස් අතර තියෙන්නේ ආගම ඇදහීමේ සුළු වෙනසක්. ඒ සුළු වෙනස තමයි මේ මහා භීෂණකාරී තත්ත්වයකට රටවල් පත්කරලා තියෙන්නේ. මේ නිසා අපි ඉදිරියේ ලොකු වගකීමක් හා අභියෝගයක් තියෙනවා. ඒ තමයි නැවත වතාවක් රට අස්ථාවර හා භීෂණකාරී තත්ත්වයකට වැටෙන්න ඉඩ නොදී ස්ථාවරව ඉදිරියට රැගෙන යාමේ අභියෝගය".
     
    "ලෝකයේ ඕනෑම ජන සමාජයක් විවිධත්වයෙන් යුත් ජන සමාජයක් නම්, ඒ ජන සමාජය සංස්කෘතිමය වශයෙන් හා අනන්‍යතාව අතින් විවිධත්වයෙන් යුක්ත නම් එතැන අපූරු වූ ලස්සනක් මෙන් ම ගැටුමකට අවශ්‍ය කරන මූලාශ්‍ර පවතින බව පෙන්වා දෙන අමාත්‍යවරයා ලෝකයේ හැම තැනකම නිර්මාණය වී පවතින මෙම ගැටුමට ප්‍රධානතම හේතුව බවට පත්ව ඇත්තේ ජන සමාජය අතර පවතින සංස්කෘතික අනන්‍යතාව නිසා" යැයි ද අමාත්‍යවරයා පැවසීය.  
     
    මෙහිදී අමාත්‍යවරයා විසින් රටේ ආර්ථිකයට ගැළපෙන අයුරින් මෙරට බැංකු පද්ධතිය ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව ද අදහස් පළ කළේය. 
     
    ශ්‍රී ලංකාව වර්තමානය වන විට යටිතල පහසුකම් සංවර්ධනයේ විශාල ප්‍රගතියක් ඇති කොට ගනිමින් සිටිනවා. රට ආර්ථිකමය වශයෙන් තවදුරටත් ඉදිරියට ගෙන යාමට නම් ප්‍රාග්ධනය අපේක්ෂාවෙන් සිටින මෙරට ප්‍රජාව උදෙසා මූල්‍යමය ප්‍රාග්ධන අනුග්‍රාහකත්වය විධිමත්ව ලබාදීමට ඉදිරිපත්වීම ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතියේ යුතුකමක් වෙනවා. එවැනි වැඩසටහන් අනුගමනය කරන ජපානය වැනි රටවල් ලෝකයේ දියුණු රටවල් බවට පත්වෙලා තියෙන්නේ ඒ නිසා”යනුවෙන් ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     
    "මහින්ද චින්තන ඉදිරි දැක්ම" අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක වන ජනසෙවණ නිවාස  හා ජනාවාස සංවර්ධන මෙහෙයුමට සමගාමීව මෙම "ජනසෙවණ" විසිරි නිවාස මූල්‍යාධාර හිමිකම්පත්‍ර මෙදින ප්‍රදානය කරන ලදී.  ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් මෙම වැඩපිළිවළ ක්‍රියාවට නංවනු ලැබීය.
     
    මෙම අවස්ථාවට බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් වන හෙක්ටර් බෙත්මගේ, ජගත් කුමාර, කඩුවෙල නියෝජ්‍ය නගරාධිපති  බුද්ධික ජයවිලාල්, කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයින් වන හේමසිරි අමරසිංහ, තිලක් වීරසිංහ, සුරේෂ් ඉන්දික, චන්දන ලියනගේ යන මහත්වරු, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ උප සභාපති ඒ.ඩබ්. දයානන්ද, එහි සාමාන්‍යාධිකාරී බ්‍රිගේඩියර් මහින්ද මුදලිගේ, කඩුවෙල ප්‍රාදේශීය ලේකම් ඩී.එම්. දයාවතී යන මහත්ම මහත්මීහු, නිලධාරීහු, ප්‍රතිලාභීහු ඇතුළු විශාල පිරිසක් සහභාගි වුහ.
     
    DB
     
    MP WW HOUSEING LOAN 1
     
     
    MP WW HOUSEING LOAN 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya