අවිස්සාවේල්ල නව තෙත් කලාපීය උද්භිත උද්‍යානයේ ප්‍රධාන පිවිසුම, ආරක්ෂිත වැට හා රථගාල සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 65ක් වෙන් කිරීමට රජය තීරණය කොට ඇත. මෙම උද්භිත උද්‍යානය මේ වසරේ සැප්තැම්බර් මාසයේ දී මහජනතාවට විවෘත කිරීමට සැලසුම් කොට ඇත. අවිස්සාවේල්ල නව තෙත් කලාපීය උද්භිත උද්‍යානය ඇතුළත මුලික සංවර්ධන වැඩකටයුතු සඳහා පසුගිය වසර කිහිපය තුළ රුපියල් මිලියන 117ක් පමණ ආයෝජනය කොට ඇත. DB