මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරාධපුර රෝහල් 05ක සංවර්ධනයට කෝටි 07ක්

    අගෝස්තු 04, 2014
    උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ රෝහල් 05ක සංවර්ධන කටයුතු රුපියල් කෝටි 07ක වියදමෙන් ආරම්භ කිරීමට නියමිත බව උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා පැවසීය.


    කලාවැව රෝහලේ බාහිර රෝගී අංශයට නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 10.3ක් ද තඹුත්තේගම මූලික රෝහලේ ප‍්‍රසව හා නාරි රෝග අංශයේ ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 11.1ක් ද මෙසේ වැය කිරීමට නියමිතය.

     

    මැදවච්චිය රෝහලේ වකුගඩු ඒකකයේ දෙවන අදියර සඳහා රුපියල් මිලියන 18.2ක් වෙන් කර ඇති අතර හිඟුරක්ගොඩ රෝහලේ වකුගඩු ඒකකයේ දෙවන අදියර සඳහා රුපියල් 18.9ක් ද තඹුත්තේගම මූලික රෝහලේ සායන මධ්‍යස්ථානය හා භෞත චිකිත්සක ඒකකය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 8.1ක් ද අනුරාධපුර ළහිරු ක‍්‍රීඩාංගණය අසල සායන මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 5.6ක් ද වෙන් කර ඇති බව ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

     

    මෙම සියලුම රෝහල්වල සංවර්ධන කටයුතු මෙම වසරේ ආරම්භ කරන ලෙස ප‍්‍රධාන අමාත්‍යවරයා අදාළ අංශ වෙත උපදෙස් දී ඇති බවත් වැඩිදුරටත් පැවසීය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya