මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීමට ක්‍රියාමාර්ග රැසක්

    අගෝස්තු 04, 2014
    ජාතික ආර්ථිකයට ඛනිජතෙල් අංශයෙන් වන දායකත්වය සලකා බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීමේ අරමුණ ඇතිව රජය විසින් ඛනිජතෙල් ආනයනය, පිරිපහදුව, ගබඩා කිරීම හා ඛනිජතෙල් නිෂ්පාදිත බෙදාහැරීම සම්බන්ධ යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබ ඇතැයි මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය පවසයි.


    ලෝක වෙළෙඳපොළ තුළ බොරතෙල් මිල ස්ථාවරව පැවතීමත් 2013 වසර තුළ හඳුන්වා දුන් පිරිවැය පිළිබිඹු වන මිල ප්‍රතිපත්තියත් නිසා ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව 2014 වසරේ පළමු මාස 04 තුළ රුපියල් බිලියන 02ක ලාභයක් වාර්තා කර ඇත. 2013 වසරේ වාර්තාගත අලාභය රුපියල් බිලියන 08කි. 2014 අප්‍රේල් 30 දිනට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව රාජ්‍ය බැංකුවලට ගෙවිය යුතු ණය ශේෂය රුපියල් බිලියන 378 දක්වා අඩු වී ඇති අතර 2013වසර අවසානයේ එම ශේෂය රුපියල් බිලියන 419ක්ව පැවතිණි.

     

    ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ද්‍රවශීලතා මට්ටම වැඩිදියුණු කිරීම සඳහා රාජ්‍ය ආයතන මඟින් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව වෙත නොපියවා පැවති දිගු කාලීන ණය ශේෂ වෙනුවෙන් මහා භාණ්ඩාගාරය විසින් 2014 පෙබරවාරි මාසයේදී රුපියල් බිලියන 30.69ක වටිනාකමක් සහිත භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කරන ලදී. ශ්‍රී ලංකන් ගුවන් සමාගම හා මිහින් ලංකා සමාගම මඟින් ගෙවිය යුතුව පැවති රුපියල් බිලියන 26.11ක මුළු මුදල 2014 වසරේ පළමු කාර්තුව තුළ නිරවුල් කරන ලදී. 

     

    හරිත ආර්ථිකයක් සඳහා වන රාජ්‍ය ප්‍රතිපත්තියට සමගාමීව 2014 ජනවාරි සිට බලපැවැත්වෙන පරිදි දැනට පවතින ඔක්ටේන් 90 පෙට්රල් වෙනුවට පරිසර හිතකාමී ඔක්ටේන් 92 පෙට්රල් හඳුන්වා දී ඇත. සුපිරි ඩීසල් වෙනුවට පරිසර හිතකාමී විකල්පයක් හඳුන්වාදීම සඳහා ද ක්‍රියාමාර්ග අරඹා ඇතැයි මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය සඳහන් කළේය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya